අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් – Saru FM

0
6


ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බවයි.

එමෙන්ම අදාළ මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවා.

එමෙන්ම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 85ක් මේ වන විට අවසන් කර ඇති අතර හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක පේරාදෙණිය ගුවන් පාලමේ වැඩකටයුතුවලින් සියයට 35ක් පමණ අවසන් කර ඇති බව සඳහන්.


Saru Fm Media