අතිශයින්ම කෙල්ලන්ට පමණයි: තමන් අකමැති කොල්ලෙක් පස්සෙන් එනවා නම් මොනවද කරන්නේ? – Saru News Media

0
13

පටන් ගන්නකොටම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ආටිකල් එක අතිශයින්ම ගැහැණු ළමුන්ට පමණයි. ඒකට හේතුව, අපි මේ කතා කරන්න යන කාරණාව වැඩි වශයෙන්ම හිරිහැරයක් වෙන්නේ ගැහැණු ළමයින්ට නිසා. දැන් ඔය ලව් සීන් තියෙන්නේ. එව්වා වෙන්නෙ මෙහෙමනේ. එක්කෝ එකෙක් අනිකව දැකලා හරි අහලා හරි ප්‍රේම සිත් ඇති කරගන්නවා. එහෙම නැතිනම් දෙන්නට දෙන්නා දැකලා හරි අහලා හරි එකිනෙකා ගැන ප්‍රේම සිත් ඇති කරගන්නවා. ඊට පස්සේ ඉතින් එක්කෝ එකෙක් අනිකගේ පස්සෙන් ගිහින් හරි, ඉස්සරහින් බලා ඉඳලා හරි, පැත්තෙන් ගිහින් හරි, එහෙම නැතිනම් දෙන්නට දෙන්නා මුණගැහිලා හරි ආදරේ අඟවනවා. එතකොට ඉතින් ගොඩක් වෙලාවට අනික් කෙනා කැමති වෙලා ලව් එක පටන් ගන්නවා.

 

හැබැයි ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් තමයි, එක්කෙනෙක් අනිකව දැකලා හරි අහලා හරි ප්‍රේම සිත් ඇති කරගන්නවා. ඊට පස්සේ යාළු කරගන්න හිතාගෙන පස්සෙන් යනවා. හැබැයි අනික් කෙනාගේ හිතේ එහෙම කිසිම දෙයක් නෑ. එතකොට එක්කෝ අර පස්සෙන් ගියපු එකා වැඩේ අතෑරලා දාලා වෙන අතක් බලාගන්නවා. එහෙම නැතිනං උත්සාහවන්තයා ජය ගනී කියලා දිගින් දිගටම පස්සෙන් යනවා. හැබැයි ඉතින් එහෙම පස්සෙන් යන්න ගියහම අනික් කෙනාට ඒක වාතයක් වෙනවා.

 

දැන් අපි හිතමු ඒ අනික් කෙනා තමයි ඔයා කියලා. ඔන්න කොල්ලෙක් එනවා පස්සෙන්. ඔයා තමයි ඒ පස්සෙන් එන කොල්ලට අකමැති කෙල්ල. දැන් එතකොට ඔය ප්‍රශ්නෙන් බේරෙන්නේ කොහොමද හා?

 

අපි හැමෝම මිනිස්සු. අන්න ඒක අපි අමතක කරන්න නරකයි. ආන්න ඒ නිසා සාමාන්‍යයෙන් ඔය කෙල්ලෝ කරන සුලභ වැරැද්දක් වෙන, තමන්ගෙ ආදරේ ඉල්ලගෙන පස්සෙන් එන කොල්ලගෙ රෙදි ගලෝන වැඩේ කරන්න හොඳ නෑ. හැබැයි ගොඩක් කෙල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ “අනී අර උලමගෙ වැඩේම මගෙ පස්සෙන් එනවා” කියලා යාළු කෙල්ලො සෙට් එකටත් කියලා, ඔෆිස් එකේ ඔක්කොටමත් කියලා ඊට පස්සේ ෆේස්බුක් එකෙත් දාන එක. කොල්ලෙක් තමන් බෑ කිව්වටත් පස්සේ කරදර කර කර පස්සෙන් එනවා නං ඒක විසඳන්න වෙනම ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව කොල්ලෙක් පස්සෙන් ආපු ගමන් ඌට එපා කියන්නෙත් නැතුව උගේ ගෞරවේට කෙළින එක ගෑණු කමටත් හරි නෑ. අනික් එක, මොකෙක් වුණත් මනුස්සයෙක් කියන එක අමතක කරන්න හොඳ නෑ. ආන්න ඒ ස්ථාවරයේ ඉඳලා කාරුණික වෙන්න ඕන. 

 

මෙන්න මේක සමහර වෙලාවට බොහොම අමාරු කාරණයක්. ඒ කියන්නේ, පස්සෙන් එන කොල්ලට ඔයා අකමැති බව කෙලින්ම කියන එක. හැබැයි මෙන්න මේ පියවර අතිශයින්ම අවශ්‍ය, අතිශයින්ම වැදගත් එකක්. එතනදී අදාළ පුද්ගලයා එක්ක බොහොම අවංක, කෙළින් කතාබහක් කරන්න. හැබැයි ඒ කියන්නේ පොල්ලෙන් ගැහුවා වගේ “තමුසේ මගෙ පස්සෙන් එන්න එපා” කියන එක නෙවෙයි. අර පළවෙනි පොයින්ට් එකේදී අපි කිව්වනේ කාරුණික වෙන්න ඕන කියලා. අන්න ඒක මතක තියාගන්න. හැබැයි තමන්ගේ කාරුණික සහ සුහදශීලී බව ග්‍රීන් ලයිට් එකක් කියලා හිතන්න පස්සෙන් එන කොල්ලට ඉඩ තියන්න එපා.

 

අනික් කාරණාව: මේ කෙලින් කතාවේදී බොරු, නොමඟ යවන සුළු කතන්දර නොකියන්න පරිස්සම් වෙන්න ඕන. හැබැයි එතනදී පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත කියන එකත් අවදානම්. මොකද්ද ඒ හරුපේ? හරි, අපි කියමු අපි මනුස්සයට අකමැති එයාගෙ පෙනුමට කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ. එතකොට “මට කොල්ලෙක් ඉන්නවා අයියේ” වගේ බොරු බැක්ෆයර් වෙන්න පුළුවන්. හැබැයි එතනදී ඇත්තම ඇත්ත කියන්න බැහැනේ. ඒත් කියන්න පුළුවන් “අපි දෙන්නා ගැලපෙන්නෙ නැහැ කියන එකයි මගේ මතය, ඒ නිසා බැහැ” කියලා. ඒක බොරුවක් නෙවෙයිනේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here