අපේ එදිනෙදා වැඩ ප්ලෑන් කරගන්න උදවු වෙන ඇප්ස් 7 ක් මෙන්න! – Saru News Media

0
8

දැන් අපේ ජීවිත සාමාන්‍යයෙන් හෙනම ටෙක්නොලොජිකල් වෙලානෙ තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් හිතන්න පුළුවන්ද ටීවී එක ගාවට ගිහින් නොබ් එකක් කරකෝලා චැනල් මාරු කරපු අතීතයක් තිබුණා කියලා? එතකොට ස්මාට්ෆෝන් කියලා ජාතියක් අතේ නැති කාලයක් තිබුණා කියලා? හැබැයි දැන් නම් ස්මාට්ෆෝන් එක කියන්නේ අපේ ඇඟේ කොටසක් ගාණයි. හැබැයි මේක නරක දේකුත් නෙවෙයි. මොකද තාක්ෂණයත් එක්ක අපේ වැඩ සෑහෙන්න පහසු වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේ සැලසුම් කරගන්න එහෙමත් අපිට මේ ස්මාට්ෆෝන් එකයි ඒකේ තියෙන ඇප්ස් ටිකයි පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි ඉතින් වැඩේ දැනගන්න ඕන. පබ්ජී ගහන්න විතරක් ස්මාට්ෆෝන් පාවිච්චි කරලා ඒක කරන්න බෑ.

දැන් ඔය එදිනෙදා වැඩ ප්ලෑන් කරගන්නවා කියන එක කොටස් කීපෙකට බෙදෙනවා. එකක් කාලය කළමනාකරණය කරගන්න එක. දෙවෙනියට වැඩ කලින් සැලසුම් කරගන්න එක. තුන්වෙනියට සැලසුම් කරගත්තු වැඩ බොහොම සඵලදායීව ඉෂ්ට කරන එක. හතරවෙනියට වැඩ අතරේ විවේක ගන්න එක. ඔය හැම එකක්ම කරන්න අවකාශය ලබාදෙන ඇප්ස් දැන් තියෙනවා. ඒ වගේම ඔය වැඩ වලින් එකක් හෝ දෙකක් හෝ කීපයක් කරන්න ඉඩ දෙන ඇප්ස් එහෙමත් තියෙනවා. අපි මේ කියන්න යන්නේ ආන්න එහෙම ඇප්ස් කීපයක් ගැන!

 

සාමාන්‍යයෙන් ඔය ටු ඩූ ලිස්ට් එකක්, එහෙම නැතිනම් කරන්න ඕන වැඩ ලැයිස්තුවක් හදාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ වැඩ ලැයිස්තුව මතක තියාගෙන ඉන්න එක තමයි අමාරුව. දැන් ඔන්න අපි ගෙදරට ගේන්න ඕන බඩු ලැයිස්තුවක් හැදුවට පස්සේ, ලැයිස්තුව අමතක වුනහම කාට කියන්නද ඒ දුක? ආන්න ඒ වගේ අවස්ථාවලටත් කදිමට ගැලපෙන ඇප් එකක් තමයි මේ. අපිට මේ ඇප් එක දාගත්තට පස්සේ පුළුවන් ටු ඩූ ලිස්ට් එකක් හදලා, ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. ඉන් පස්සේ ඇප් එක අපේ පස්සෙන් පන්න පන්න මතක් කරයි කරන්න ඕන වැඩ ටික.

මේකේ හදන ටු ඩූ ලිස්ට් එක ඇතුළෙත් අපිට ප්‍රමුඛතාවය වැඩි වැඩ, නැවත නැවත කරන්න ඕන වැඩ, ඩෙඩ්ලයින්ස් වගේ විවිධ සැකසුම් කරන්න පුළුවන්. අපේ ගූග්ල් කැලැන්ඩරේ, ඊමේල්, ට්විටර් වගේ දේවලින් කෙලින්ම වැඩ මේකට ඉම්පෝට් කරන්නත් පුළුවන්. දැන් ඉතින් ඊට පස්සේ ඇප් එක අපිට ඊමේල්ස් එව එව, ටෙක්ස්ට් මැසේජ් එව එව, නෝටිෆිකේෂන් එව එව වැඩේ කරනකල්ම වද දෙයි!

 

අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන සීමිත කාලෙන් උපරිම වැඩ කොටසක් කරගන්නේ කොහොමද කියන එක. කී දෙනෙක් කී පාරක් හිතලා තියෙනවද දවසට වැඩිපුර පැය විසිහතරක් තිබුණා නං හොඳයි කියලා. හැබැයි අපිට එහෙම වැඩිපුර පැය ඇඩ් කරගන්න බෑ. ඒත් අපිට පුළුවන් තියෙන කාලය ඇතුළතදී උපරිම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්න. ආන්න ඒකට උපකාරී වෙන ඇප් එකක් තමයි මේ.

මේ ඇප් එකෙන් අපිට අපේ දවසේ දිනචරියාව හදාගන්න පුළුවන්. දවසේ කරන්න ඕන වැඩ ලැයිස්තුගත කරගන්න පුළුවන්. දැන් ඒවලට සිහිකැඳවීම් ලබාගන්නත් පුළුවන්. නින්දට, විවේකයටත් කාලය වෙන් කරන්න පුළුවන්. ඒ වගේම පහුවුණු දවස් වල වැඩ අපි කරපු හැටි ආපහු විශ්ලේෂණය කරලා අපේ දවස ඇතුළේ වඩාත් ප්‍රශස්තව කාල කළමනාකරණය කරගන්නත් පුළුවන්.

 

දවස සැලසුම් කරනකොට දවසේ වැඩ කිරීම වගේම වැදගත් දේවල් තව තියෙනවා. එකක් තමයි හරියට නිදාගන්න එක. ඒ වගේම කාර්‍යබහුල දවසේ මොහොතක් හරි පොඩ්ඩක් රිලැක්ස් වෙන එක. එතකොට භාවනාවක් විදියට විනාඩියක් දෙකක් හිතලා මතලා හුස්ම ගන්න එක. ඔන්න ඔය වැඩ ඔක්කොටම හරියන්න හදපු විශිෂ්ට ඇප් එකක් තමයි මේ.

මේ ඇප් එක බොහොම සරලයි. අපිට වැඩ වලට හොඳට ෆෝකස් වෙලා වැඩ කරන්න ඕන නම්, මේකේ තියෙනවා අර පොමොදෝරෝ ටෙක්නික් එක. ඒ කියන්නේ මිනිත්තු විසිපහක් වැඩ කරලා පහක් විවේක ගන්න එක. ඕන නම් ඒ වෙලාවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ ටයිමර් එක දැම්මට පස්සේ අපිට වැඩ කරන්න හොඳටම පුළුවන් පසුබිම් ශබ්දත් තෝරගන්න පුළුවන්. හුස්ම ගන්න එකත් එහෙමයි. බොහොම රිලැක්ස් එකේ විනාඩියක් හිතලා මතලා හුස්ම ගන්න පුළුවන් විදියේ ක්‍රමයක් මේ ඇප් එකෙන් ලබාදෙනවා. රිලැක්ස් වෙන එක වුනත් එහෙමයි. නිදාගන්න එක වුනත් එහෙමයි. විශේෂයෙන්ම ගැඹුරින් රිලැක්ස් වෙන්න, නිදාගන්න පුළුවන් විදියේ පසුබිමක් මේ ඇප් එකෙන් හදලා දෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here