අපේ රටේ ජ්‍යෙෂ්ඨත​ම නළු​වෝ – Saru FM Media

0
98


ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපේ අපේ රටේ ජීවත්වන ජ්‍යෙෂ්ඨත​ම  නිළියන් පිළිබඳව ​සටහනක් ඔබ වෙත ගෙන ආවා. හරහා අපි උත්සාහ කළේ සුවිශේෂී  කාන්තාවන් සුජීවත්ව සිටින කාලය තුළදීම යම්කිසි ඇගයීම් ලබාදීමයි. ඔවුන් මිය ගියාට පස්සේ මාගල්  දිග පෝස්ට් ලියනවට වඩා එහෙම සටහනක් ලියන එක වැදගත් කියලා අපි හිතුවා. මේ නිසාම එම ලිපි මාලාවෙම  දිගුවක් විදිහට අපේ රටේ දැනට සුජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨත​ම නළුවන් පිළිබදව සටහනක් ගෙන එන්න අපි තීරණය කළා.

 

 

 

රෙක්ස් කොඩිප්පිලි  කියන්නේ අද දක්වාම ප්රේක්ෂකයන් සමග රංගනය  හරහා අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නළුවෙක්. අද වෙනකොට ඔහු ප්රධාන පෙළේ මාලානාටකයක සීයාගේ චරිතය රඟපානවා. නමුත් සිංහල සිනමාවේ ඔහු වඩාත් ප්රකට දුෂ්ටයෙක් විදිහට. වගේම චිත්රපටි නිෂ්පාදනය හරහා සිංහල සිනමාවට සුවිශාල සේවයක් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. විශේෂයෙන්මමුවන්පැලැස්ස”,හුලවාලි” වැනි චිත්රපටි ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩයිම් විදිහට සඳහන් කරන්න පුළුවන්.

 

 

රොබින් ප්රනාන්දුගේ රංගන පෞරුෂයට සාපේක්ෂව ඔහුට ලංකාවේ සිනමාව තුළ ලැබුණු චරිත ප්රමාණය සීමිතයි කියලා කිව්වත් වරදක් නැහැ. විශේෂයෙන්ම ක්රියාදාම නළුවෙක් විදිහට ලංකාවේ සිනමාව ඔහුට මදි වුණා කිව්වොත් වඩාත්ම නිවැරදියි. කොහොම වුණත් සුරදූතියෝ චිත්රපටයේ ඔහු තමන්ගේ උපරිමය ප්රේක්ෂකයන්ට ඉදිරිපත් කළා. පසු කලෙක පරිපාලකවරයෙක් විදිහටත් සිනමා කලාවට යම් සේවයක් කිරීමට ඔහුට හැකියාව ලැබුණා

 

 

ඇතැම් අය රවීන්ද් රන්දෙණියගේ නම මේ ලයිස්තුවට දාපු එක ගැන යම් ප්රශ්නයක් ඇති කර ගන්න පුළුවන්. නමුත් අපි ​අයට  ආරාධනා කරනවා රවීන්ද් රන්දෙණියගේ වයස පිළිබඳව හොයල බලන්න කියලා. එක අතකට ප්රශ්නය ඇති වෙන්නේ රවීන්ද් සදාකාලික තරුණයෙක් විදිහට අපේ හදවත්වල ස​දහටම රැඳී සිටීම නිසායි. මේ විදිහට තමන්ගෙ රසිකයන්ගේ සිත් තුළ සදාකාලික තරුණයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වී​ම හරිම අල්ප වූ නළුවන්ට හමුවන වාසනාවක්.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here