අම්මා නිසා කොල්ලෙකුට කෙළවෙන්න පුළුවන් අවස්ථා 7ක් – Saru News Media

0
16

හරි දැන් ඉතිං ලයිෆි එකේ උන්ගෙ ම්ම්ම්ම්මට්ටා කියල බනින්න පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න. ඇත්තටම මේක කියෙවුවම ඔය අම්මලට ආදරේ කොයි පුතත් මේක ඇත්ත කියලා තේරුම් ගනීවි. ඇත්තටම අම්මලා නිසා කොල්ලෙකුට වෙන්න තියෙන කෙලවීම් අතිශය ඉහළයි. එහෙම නෑ කියලා රණ්ඩු කරන්න ආපු අයත් ඒ ටික කියවලාම බනින්න පටන් ගන්න කියලා කියන්නෙ ඒකයි. මතු බුදුවෙන්න වරම් දෙන අම්මා අතින් මෙහෙම කෙලවීම් වෙන්න පුළුවන් කවුරුත් විශ්වාස නොකරතත්, මේ ඇත්ත සිද්ධි මහත්තයො.

 

දැන් කාලෙ රැල්ල පබ්ජී ගහන එකනෙ. පබ්ජී රැල්ලට ගිය කොල්ලො ආ​යෙ වැල්ලට ගහගෙන එන හේතු ගොඩක් ගැන අපි ආටිකල් එකකුත් ලිවුවා. ඒ කොහොම වෙතත් ඔය මොන විනාසෙ වෙලා හරි කට්ටිය හරිහරියට පබ්ජී ගහනවනෙ. හැබැයි පබ්ජී සුන්නද්දූලි කරන ප්‍රධාන චරිතයක් තමයි අම්මා කියන්නෙ. ඔන්න අන්තිම තුන්දෙනා බැට්ල්ෆීල්ඩ් එකේ ඉද්දි චූටි පුතා! කියල අහල ගම් හතටම ඇහෙන්න බෙරිහන් දෙනවා. ඇයි? කියල ඇහුවොත් එන්න කියනව. ටිකකින් එන්නං කිවුවොත් බැනගෙන බැනගෙන යනව. ඊටපස්සෙ ගියාම කියනව දන්නවද වැඩක් අර සුනීතා ආන්ටිලගෙ ගෙදරට බල්ලෙක් අරගෙනනෙ කියලා. අනේ ඉතිං හරිම ප්‍රයෝජනවත් නිවුස් එකක්. ගේම් එකත් බලු හුටපටේ අහන්න ගිහින් පරාද වුනා. බල්ලත් එක්ක හිතට පුදුම කේන්තියක් එන්නෙ.

 

පොලේ යන්න කතා කරන්නෙ පැයෙන් ගෙදර එනවා කියල පොරොන්දු වෙලයි. නිකමටවත් එන්න බෑ කිවුවොත් මොකෝ මම විතරද පොලෙන් ගේන කෑම කන්නෙ? කියලා පටන්ගන්න කතාව ඉවරවෙන්නෙ දෙක වසරෙදි මම ඉස්කෝලෙ දාපු පොලේ කතාත් ඇදිලා ඉවරවෙලා නිසා ඔන්නොහේ ඉක්මනට ගිහිල්ල එන්න කියල යනවා. කිවුවත් වගේ අම්ම පැයක් යන්න කලින් බඩු ටික අරගෙන එනකොටම මෙන්න ඉස්සරහට ආපි යාලුවෙක්. දෙන්න ඊයෙ හවසත් කතා කරකර ඉන්නව මං දැක්ක වුනාට දෙන්නගෙ මූණු බැබලුනේ ගිය ආත්මෙ ඉස්කෝලෙ ගියාට පස්සෙ ආයෙ හම්බුනේ නැති ගාණට. අනේ ඉතිං ඊටපස්සෙ ඒ පවුලෙ උන්ගෙ වැරදියි මේ පවුලෙ උන්ගෙ වැරදියි කතා කරලා ඉවරවෙනකං පොල මැද පඹයා වගේ හිටගෙන ඉන්නයි වුනේ. තනි අකරතැබ්බයක් තමයි ඉතිං.

 

ඇන්ටි සේවා කිවුවම කට්ටියට මුලින්ම මතක් වෙන්නෙ අපි කලින් පාරක් කියපු ඇන්ටි පාර ගැන කතාව වෙන්නෝන. හැබැයි මේ කියන්නෙ එහෙම අයට කරන්න බලාගෙන ඉන්න සේවාවක් ගැන නෙමෙයි. මේ ඊටත් වඩා වයසක ඇන්ටිලා ගැන කතාවක්. හාපෝ මේ අයට අහුවුනාම කෝච්චි වගේ තමයි. මෙයාලා අම්මගෙ යාලුවො. මෙයාලගෙ ටෙක්නිකල් ප්‍රශ්න, උස් තැන්වලට නගින්න වෙන ප්‍රශ්න ඇතුළු අටෝරාසියක් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කතාකරන්නෙ අපිට තමයි. අම්මගෙ බර බරේ නිසා එවුව මගහරින්නත් බෑ. පුදුම වාත කෝස් එකක් තමයි.

 

කොල්ලො කාලෙ කොල්ලොන්ගෙ ලොකු හීනයක්නෙ ජිම් ගිහින් ඇඟ ගාණට හදාගන්න එක. හැබැයි අම්මා ඉන්නකං එවුවා සුම්මා. රසට අල උයලා, පොල් සම්බෝල තෙම්පරාදු කරලා, තෙලේ බැදපු චිකන් හිඳෙන්න උයලා, පපඩම් ගොඩක් එක්ක සුදු බත් පිඟානක් බෙදලා දුන්නම කොයි පුතාටද ජිම් මතක් වෙන්නෙ? මතක් වුනත් ඒ බත් එක ඉතුරු කරන්න ඔට්ටු නෑ. ඉතුරු කළොත් ප්‍රශ්න කෝටියකට උත්තර දෙන්න ඕන. “ඇයි නොකෑවෙ? මොනවද රස නැත්තෙ? ලුණු මදියිද? තොට ගිලින්න පුළුවන් කොත්තු විතරද?” වගේ කතා අහනවට වඩා හොඳයි මුළු බත් එකම කන එක. ඒකත් කාලා ගියොත් එහෙම “මදියිද පුතේ?” කියල අහල ආයෙ බෙදනව බත් හැඳි තුනක් විතර. ඉතිං ඉවරයක් නෑ.

 

බීපු දාට පේර කොළ කාලා ගෙදරට ආවත් තාත්තට මාට්ටු වුනාට පස්සෙ බැනුම් අහල නිමක් නෑ. තාත්තගෙ බැනුම අහලා ඉවර වෙලා කාමරේට ගියා කියපංකො, ඔන්න අම්මා එනව දෙහි එකක් අරගෙන. වැඩි කතාවක් නෑ. දෙහි එක දීලා යනවා. ඊටපස්සෙ ඇහෙනවා අම්මා අඬන සද්දෙ. හප්පා බීපුවත් එක්ක හිඳිලා යනවා ඉතිං. අපි බීපු නිසා අම්මා ඇඬුවා කියල මතක් වෙද්දි හිතට දැනෙන සහ දැනුණු දුක නං කියලා වැඩක් නෑ. ඒ මදිවට තමුන්ගෙ ප්‍රියම්භිකාව ඇඬෙවුව කියල තාත්තගෙන් ආයෙ කන පැලෙන්න අහගන්නත් වෙනවා.

 

අර මුලින් කියපු විදියට අපිවම උදවුවට කැන්දගන්න අම්මාගෙ කේලම් මළු ටික අපි ගැනම හොයලා වාත වෙන්න ගන්න එක තමයි අම්මා නිසා සිද්ධ වෙන අනිත් අකරතැබ්බෙ. අම්මලත් ඉතිං ඒ ගෑණුන්ගෙ කේලං අහල අපේ ඇඟට කඩා පනිනවනෙ. ඊටපස්සෙ ඉතිං දෙන්න උත්තරයක් නැතුව බකංනිලාගෙන ඉන්න වෙන්නෙ. “තෝ නිසා මට යාලුවොන්ටවත් මූණ දෙන්න බෑ. කවුද කියාපං ඒ කෙල්ල?” වගේ කතා අහනව වෙලාවකට. “පාරෙ අනිත් හැම එකාම උඹට වඩා ලකුණු අරගෙන” කියල කතා අහගන්නව වෙලාවකට. සමහර ඇන්ටිලා අම්මා ඉස්සරහම මගෙන් අහනව රිසාල්ට්ස්. දෙන්න හිතෙනව බොම්බයි මොටයි!

 

අම්මා නිසා සිද්ධ වෙන ලොකුම අකරතැබ්බයට මූණදෙන්න වෙන්නෙ අම්මා නැති වුනාට පස්සෙයි. වැඩිය ඕන නෑ. අම්මට ටිකක් අසනීප වුනොත් මුළු ගෙදරම පාළුයි. හරියට කන්නත් නෑ. තාත්තත් ඉන්නෙ මළ පැනපු ගමන්. ඔයිට හපං අම්මා වන්දනාවෙ ගියොත්. එනකං ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඔය ඔක්කොම අඩුව දැනෙන්නෙ අම්මා නැති වෙච්ච දවසට. ඉන්න කාලෙ හැම දේම කරලා දීපු මනුස්සයා නැති කාලෙට මෙහෙම අවුලක් දැනෙන විත්තිය කලින් දන්නවානං මුල් කාලෙ ඉඳන්ම අපේ වැඩ ටික කරගෙන ෂේප් එකේ ඉන්න තිබුනා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here