(පාලිත ආරියවංශ)
හාලිඇල පොලිස් වසමට අයත් බෝගොඩ ගම්මානයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු බෝගොඩ – හළාඹ මාර්ගය හරහා ගලා යන කුඩා දියපහරකින් එගොඩවෙද්දී අද (23) සවස මහවැස්ස සමග ඇදී ආ සැඩ දිපහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මව කුලීවැඩට ගොස් නැවත නිවසට පැමිණිමට පමාවීම නිසා ඇය සොයා ගෙන මෙම දරුවන් දෙදෙනා හළාඹ මාර්ගය හරහා ගලායන දියපහරකින් එගොඩවන අවස්ථාවේදී බව ගම් වාසීහු පවසති
ගම්වැසියන් හා පොලිසිය එක් දරුවන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් දියත්කර ඇතත් පවතින අදුර ඊට බාධාවක් වී ඇති බවත් ගම්මු කියති.
Saru Fm Media