අම්මෙක් නොකී කතාවක් – මවු දිනය වෙනුවෙනි – Mothers Day – Saru News Media

0
14

අම්මලට මේව තේරෙන්නෙ නෑ අම්මෙ… අපි මේ වෙලාවෙ රට වෙනුවෙන් මේ වෙනස කරන්නෝනෙ

ඉර නැගෙන්නටත් කළියෙන්, පාන්දර අඳුර අස්සෙන් මල්ලී නොපෙනීගෙන ගියේ එහෙම කියාගෙන. තරුණ විප්ලවයක ඉර උදාවෙමින් ආපු කාලයක් ඒක. අම්මා හිටියේ ඈත බලාගෙන, අම්මගෙ මූණේ තිබ්බේ දුකක්ද සතුටක්ද කියලා එවෙලේ මට තේරුණේ නැහැ.

කොල්ලට කවදත් වැරැද්ද අසාධාරණේ දැක්කම කේන්ති යනවා

ගොඩ වෙලාවකට පස්සෙ අම්මා ගෙට ගියේ එහෙම කියාගෙන…

අපි මල්ලිව ඊට පස්සෙ දැක්කෙ දවස් දෙකයි.

……………………………………….

අම්මා ඇස් පුංචි කරගෙන ලොකු අයියාගෙ පින්තූරෙ හොයනවා… අම්මලා දහස් ගාණක්, පින්තූර දහස් ගාණක්…

මගෙ හිත අවුරුදු දහයකට විතර කලින් උදාවුණ ඒ මූසල දවස හොයාගෙන ගිහින් අපේ ගෙදර කුස්සි කෑල්ලෙන් නැවතුනා. අයිය බෝම්බෙට අහුවෙලා කියල නිව්ස් එක එද්දි අම්ම කන්න බත් එක බෙදාගත්ත විතරයි. අම්මා එහෙමම කුස්සියේ පුටුවකට වාරු උනා මට හීනෙන් වගේ මතකයි.

මම ආයෙ රණවිරු සමරු ඵලකය ඉස්සරහදි වර්තමාන කාලෙට අවතීර්ණ වුණා… අම්මා අයියගෙ පින්තූරෙ හොයාගෙන මට ඇඟිල්ල දික් කරනවා.

දුවේ… ලොකු පුතා

……………………………………….

ලබන මාසෙ තාත්ත නැතිවෙලා විසි පහකට වෙන්න එනවා. මං බැලුවේ මේ පාර හීල් දානෙ ගන්න… මැගීටත් දැන් වැඩිය වෙහෙසෙන්න බෑනෙ.

අම්මගෙ කටහඬ ටෙලිෆෝන් වයර් දිගේ ඇදිල ඇවිත් මගෙ කණට වැටෙද්දි මට හීල්ලුනා. මැගි නැන්දගෙයි අම්මගෙ වයසක ජීවිත දෙක තනිවෙච්ච මහගෙදර බිත්ති වල අඳුර මගේ හිතෙත් තැවරුණා.

මං රිසීවරේ තියල අනිත් පැත්ත හැරෙද්දි අරුණ මගේ පිටිපස්සෙ.

යංද…? ෂෝ එකටත් පරක්කු වෙනව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here