අමුතු හේතු නිසා දික්කසාද වුණ ජෝඩු – Saru News Media

0
13

අද වෙනකොට දික්කසාදය කියන්නේ සමාජයේ බහුලවම දකින්න ලැබෙන දෙයක් බවට පත්වෙලා. විවාහ ජීවිතයකට ​ඇතුළත් වෙන යුවළකට දික්කසාදයක් කරා යන්න නොයෙකුත් හේතු බලපාන්න පුළුවන්. එහෙම කියල පටන් ගත්තට අපේ මේ ලිපියේ අරමුණ දික්කසාදයකට බලපාන හේතු විශ්ලේෂණය කරන එක නම් නෙමෙයි, අපි කියන්න යන්නෙ ඊට වඩා තරමක් අමුතු කාරණයක්. අමුතුම හේතු නිසා දික්කසාදයක් කරා ගිය උදවිය ගැන කියන්නයි මේ හදන්නෙ. 

 

අයිෂා දනුපාවා කියන්නෙ නයිජීරියානු ජාතික තුන් දරු මවක්. තමන්ගේ පළවෙනි විවාහය අසාර්ථක වුණාට පස්සේ අයිෂා තව විවාහයකට සහකරුවෙක් තෝරගන්නවා. අලි මයිසිනාරි නැමැති ​​ඒ තැනැත්තත් එක්ක විවාපත් වෙන අයිෂාට කසාද ජීවිතේ ​ඇතුළේ ඉන්න ලැබෙන්නේ සතියක් විතරයි. ​ඇය වහාම අලී ගෙන් දික්කසාදය ඉල්ලා හිටිනවා. ​​ඒකට හේතුව වුණේ තරමක් දුර්ලභ කාරණයක්. ​​ඒ හේතුව තමයි අලීගේ ලිංගේන්ද්‍රිය අසාමාන්‍ය ලෙස විශාල වීම. මේ හේතුවෙන් ලිංගික කාර්යය ඉතාම වේදනාත්මක අත්දැකීමක් වූ බව පවසන අයිෂා, අවසානයේදී ​​ඒ හේතුව මත තම දික්කසාදය ලබාගන්න සමත් වෙනවා. 

 

34 හැවිරිදි අරාබි ජාතික තරුණයෙක් 28 හැවිරිදි රූමත් තරුණියක්ව විවාහ කරගන්නවා. විවාහයෙන් පස්සේ ඔවුන් මධුසමය ගත කරන්න ඩුබායි පුරවරය තෝරගන්නවා. එහිදී මුහුදේ නාමින් දෙදෙනා විනෝද වෙන්න ගන්නව. නමුත් ඉන් පස්සේ සිදුවෙන්නේ කවුරුත් නොසිතූ දෙයක්. මුහුදු වතුරට බිරිඳගේ මේකප් එක සේදිලා ගිහින් සැමියාට ​ඇයව හඳුනාගන්න බැරි වෙනවා. ​​ඒ වෙලේම ​ඇයව දික්කසාද කරන්න ඔහු තීරණය කරනවා. ​​ඒ නොයෙකුත් රූපලාවණ්‍ය ක්‍රම හරහා බොරු පෙනුමක් ​​​ආරූඪ කරගෙන තමන්ව රැවටූ බව කියමින්. තමන්ගේ මේකප් රුව ගැන විවාහයෙන් පසුව සැමියාට කියන්නට සිටි බව පවසමින් තරුණිය දික්කසාදය වළක්වන්​න උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.

 

2017 වසරේදී තායිවානයෙන් අමුතුම හේතුවකට සිදුවුණ දික්කසාදයක් වාර්තා වෙනව. තමන්ගේ වට්සැප් පණිවුඩවලට පිළිතුරු දුන්නේ නැති නිසා තායිවාන ජාතික කාන්තාවක් තම සැමියාගෙන් දික්කසාදය ලබාගන්න සමත් වෙනවා. වරින් වර බිරිඳ විසින් යවන ලද පණිවුඩ නොසලකා හරින්නට සැමියා කටයුතු කරල තියනවා. ඔහු ​​ඒවා කියෙවුවත් පිළිතුරු බඳින්න කටයුතු කරලා නැහැ. අන්තිමේදී වරක් බිරිඳ රිය අනතුරකට ලක්වූ අවස්ථාවකදී ​​ඒ ගැන කියලා සැමියාට පණිවුඩයක් යවනවා. සැමියා එයටත් පිළිතුරු එවන්නේ නැහැ. මේ සිද්ධියෙන් බිරිඳගේ ඉවසිමේ සීමාව ඉක්මවා ගිහින් සැමියාට දික්කසාද නඩු පවරනවා. අවසානයේදී දික්කසාදය ලබාගන්නටත් ​ඇය සමත් වෙනවා. 

 

මේක නම් අමුතු වුණත් අසාධාරණ නොවන කාරණයක් කියලාත් කෙනෙක් කියන්න පුළුවන් කාරණයක්. ඊජිප්තු යුවළක් වුණ අයිසර් අලී සහ යාරා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් බැඳිලා, කෙටි කාලයකින්ම විවාහ වෙනවා. කසාදයෙන් මාස දෙකක් විතර ගත වෙද්දි අයිසර් අරුම පුදුම අනාවරණයක් කරනව. ​​ඒ තමයි තමන් චර්ම රෝග තත්ත්වයකින් පිඩා විඳින නිසා ‍තමන්ට වතුර අසාත්මික (​ඇලජික්) බව. ​​ඒ නිසා තමන් කවදාවත් නාන්නේ නැති බව ඔහු කියනවා. පස්සේ මේ ගැන හොයා බලන්නට යාරා කටයුතු කරනවා. අයිසර් චර්ම රෝගයකින් පෙළන බව සත්‍ය වුණත්, ඔහුට ජලයෙන් කිසි හානියක් නැති බවට එහිදී හෙළි වෙනවා. ජීවිතේට ස්නානය නොකරන මිනිහෙක් සමග ජීවත් වෙන්න නොහැකි බව පවසන යාරා, ඉන්පසු අයිසර්ගෙන් දික්කසාදය ලබා ගන්නවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here