අමෙරිකානු ඩොලර් මිලියන 5,500ක් පමණ වන අතරමග නතර වූ ව්‍යාපෘති යළි ආරම්භවන ලකුණු – Saru FM Media

0
115


සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසන්නේ ,කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සඳහා රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල් එළඹෙන අලුත් අවුරුද්දට පෙර ගෙවා දමන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ සිය සංගමයේ නියෝජිතයින් ඉකුත්දා ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගැණුනු බවයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 5,500ක් පමණ වන අතරමග නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කළහොත් විශාල පිරිසකට ඉන් සහනයක් සැලසෙන බවයි .


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here