(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ඒ සම්බන්ධ සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කවුරුන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව අත්සන් කරන ගිවිසුමේ ඇති කොන්දේසිවලට විරුද්ධ ඒ වෙනුවට කළ හැක්කේ කුමන්දැයි තනි තනි දේශපාලන පක්ෂය දරණ මතය පාර්ලිමේන්තුවේ සටහන් කරලා තැබීම වැදගත් බව කී ඇමතිවරයා එවැනි ඡන්ද විමසීමක් කළත් වැදගත් යැයි තමන් පුද්ගලිකව සිතන බව ද කීවේය.
ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවල එකඟ වූ කොන්දේසි ඉන්පසු ඉටුකර නොමැති බවත්, මෙවර එසේ වුවහොත් රට මීට වඩා දරුණු අගාධයකට පත්වන බව ද පැවසීය.
එබැවින් මෙම අවස්ථාවේදී දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම වැදගත් යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
Saru Fm Media