අලුත් අවුරුද්දට ලයිෆියෙන් ජීවිතේ වෙනස් කරගන්න ලයිෆ් ටිප්ස් – Saru News Media

0
2

2020ත් ගෙවීගෙන යනවා. අවුරුද්දක් ලැබුවම මේ දවස් තුන්සිය ගණන කළමනාකරණය කරගන්න ඕනි විදිය ගැන සමහරු හිතනවා. අරමුණු ටිකක් හදාගන්නවා. තවත් අය ඊළඟ අවුරුද්දේම හැදෙන්න හිත හදාගන්නවා. මේ කොයි කාටත් ලයිෆි අපි හිතුවා ටිකක් වෙනස් ලයිෆ් ටිප්ස් ටිකක් දෙන්න. මේවා ගොඩක් දෙනාගේ අතිශය සාම්ප්‍රදායික ටිප්ස් එක්ක පෑහෙන්​නෙ නැති වෙන්න පුළුවන්. ඒත් 2020 ඔබට අමතක නොවන්නක් කරගන්න පුළුවන්.


සල්ලි ඉතුරුකරගන්න එක ඇත්තටම හොඳ දෙයක්. අපිට හැම නිතරම මේ මූල්‍ය කළමනාකරණය ගැන අහන්න ලැබුණා. ඒත් ඒකෙන් ඇත්තටම කියවෙන්නේ සල්ලි පොදි ගහගෙන මැරෙන්න ඉන්න දවසකට අරන් යන්න කියන එක නෙවෙයි. මේ අවුරුද්දේ ඉඳන් හෝ මාසික පඩියෙන් ජීවිතය විඳින්න කොටසක් වෙන් කරගන්න. අම්මවයි තාත්තවයි හොඳ හෝටලේකට එක්කන් ගිහින් කෑම වේලක් දෙන්න. යාළුවෙක්ට අමතක නොවන බර්ත්ඩේ සප්‍රයිස් එකක් දෙන්න. ප්‍රමාණය දැනගෙන සතියකට පාරක් හරි ෂොට් එකක් දාන්න. මොහොතකට හෝ තමන්ගේ හිත සතුටු කරවන කාටවත් කරදරයක් නැති දෙයක් කරන්න පෙළඹෙන්න.


අපිට ජීවත් වෙන්න ඇත්තටම ඕනි ආදරෙයි අනෙකාගේ සහයෝගයයි විතරයි. ඒත් අපි ඒක ඉල්ලන්න ලැජ්ජයි. ඒ නිසා හැම වෙලේම කොන්දේසි විරහිතව මිනිස්සුන්ට ආදරේ කරන්න. කවුරුත් ඔයාගෙන් ඒ දේවල් ඉල්ලන්නේ නෑ. ඒ නිසාමයි අපි ඒ දේ දෙන්න දැනගන්න ඕනි. ඉස්කෝලෙන් පස්සේ මග හැරුණු යාළුවන්ට කෝල් එකක් ගන්න. මොන තරම් කට්ටක් වුණත් ගෙට් ටුගෙදර් එකක් ප්ලෑන් කරන්න. කාලෙකින් නොගිය නෑදෑ ගෙවල්වලට යන්න. අනෙක් අය එක්ක කතාබහ කරලා ආදරෙන් ඉන්න.


පොත් කියවන්න වර්තමාන පරම්පරාව හොරයි. වර්තමාන විතරක් ම නෙවේ අනෙක් අයටත් ඒ සඳහා කාලය මිඩංගු කරගන්න එක අමාරුයි. උදේට නැගිටලා තේ බොන ටිකට ෆෝන් එක දිහා බලන් ඉන් නැතුව පොතක පිටක් දෙකක් කියවන්න. නින්දට කලිනුත් ඒ දේ ම කරන්න. මුකුත්ම නොකියවනවට වඩා එකම පොතක් මාසයක් විතර හරි මස් කර කර කියවන එක වටිනවා.


ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්, භාර්‍යාව නැතිනම් දරුමල්ලෝ වෙන්න පුළුවන්. මොනම විදියකින්වත් දුරස්ථභාවයක් ඇති කරගන්න එපා. පවුල්වල ප්‍රශ්න ඇති වෙන්නෙම හරියට කතා කරන්න දන්නැති නිසා සහ ඇහුම්කන් දෙන්න දන්නේ නැති නිසා. පහු පහු වෙනකොට කොහු කොහු සම්මතයෙන් මිදිලා වයින් වගේ පවුල් කන්න.


ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. සමහරවිට ඔයා රැකියාව කරන්නේ ඔයා කැමති දේට නොවේ වෙන්න පුළුවන්. උගත් ඩිග්‍රිය වුණත් පුංචි කාලේ දැකපු හීනේ නොවෙන්න පුළුවන්. ඒත් ඔයාටම වෙන් වුණ වෙලාවක ඒ කැමති දේට ඉඩක් දෙන්න පුළුවන්. ෆොටෝ ගන්න, කවි කතා ලියන, කැටයම් කපන, ලොරි බොඩි ගහන මේ ඕනි එකකට තමන් උපන් දක්ෂයෙක් නම් අන්න එතනට අවධානය දෙන්න හැමදාම.


ලියන්න කිව්වම සෑහෙන සාහිත්‍යාත්මක වදන් ඕනි නෑ. සරලවම කියනවා නම් ආර්ට් එකේ බැහැලා වගේ ඉන්න අය ළඟත් කියන තරම් ආර්ට් එකක් නෑනේ. ලියන්න කිව්වම ඩයරියක් වුණත් ලියන්න පුළුවන්. මේ තාක්ෂණික යුගයේ පැන්සලෙන් පෑනෙන් බලි කුරුටු ගාන්න බැරි නම්  බ්ලොග් එකක් පවත්වාගෙන යන්න. ට්විටර් අකවුන්ට් එකක් හදාගන්න. මේ ලියවිල්ල මනසට සහනයක්.

 


අපිට එක එක පිස්සු තියනවනේ. බයික් පිස්සු, කෝච්චි පිස්සු වගේ. ඒ වගේම පැළයක් හිටවන්නත් පිස්සුවක් හදාගන්න. මේ ලෝකේ දැන් එන්න එන්න ම අපට ජීවත් වෙන්න අමාරු තැනක් වෙලා. 2020 පටන් අරන් දවස් කීය ද ඕස්ට්‍රේලියාවේ ගිනි ගන්නවා. ඉතින් මාසෙන් මාසෙට හරි වටිනා පැළයක් සොයාගෙන හිටවන්න පුළුවනි නම් වටිනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here