අලුතෙන්ම PS4 ගන්න අයට වැදගත් වෙන ටිප්ස් කීපයක් – Lifie. lk

0
10

මේ ආටිකල් එක ඇත්තටම වැදගත් වෙන්නේ වීඩියෝ ගේම්ස් වලට ලැදි උදවියට තමයි. දැන් ඔය වීඩියෝ ගේම්ස් කිව්වහම ගොඩක් අය කම්පියුටර් එකෙන් ගේම්ස් ගහනවා. ස්මාට්ෆෝන් එකෙන් ගේම්ස් ගහනවා. හැබැයි ගේමින් කොන්සෝල් වලින් ගේම්ස් ගහන එකේ තියෙනවා අපූරු වෙනසක්. විශේෂයෙන්ම කොන්සෝල් එකකින් ගේම්ස් ගහනකොට, කම්පියුටර් එකෙන් ගේම්ස් ගහනවාට වඩා සාපේක්ෂව හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන් කියලා කියනවා. එතකොට කොන්සෝල් එක තියෙන්නේ ගේමින් වලටම විතරක් නිසා, වැඩි පහසුවකුත් තියෙනවා. ස්මාට්ෆෝන් එකෙන් ගේම් ගහනවට වඩා කොන්සෝල් එකකින් ගහන්න පුළුවන් ගේම්ස් වල කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

හරි. දැන් ඔය කොන්සෝල් ජාතිත් කීපයක්ම තියෙනවනේ. හැබැයි අපි කතා කරන්න යන්නේ ඔය කොන්සෝල් අතරිනුත් සෑහෙන්න ජනප්‍රිය Sony PlayStation 4 හෙවත් PS4 ගැන. ප්ලේස්ටේෂන් වලට සම්පූර්ණයෙන්ම ආධුනික කෙනෙක්ට වටිනා කියන කරුණු ටිකක් තමයි මේ තියෙන්නේ.

 

ඇත්තටම ප්ලේස්ටේෂන් වලට ආධුනිකයෙක්ට මුලින්ම මතුවෙන ගැටළුව තමයි මේක. දැන් ගොඩක් දෙනෙක් කියයි ඇයි PS4 එකක් ගන්න හදිසි වෙන්නේ, ලබන අවුරුද්දේ මේ වෙනකොට PS5 එක එනවනේ, පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ කියලා. ඒක මෙහෙමයි. PS5 එක අවුරුද්දකින් රිලීස් වුනාට, ඇත්තටම ඕකේ බග්ස් එහෙම ෆික්ස් වෙලා ගාණකට සෙට් වෙන්න නම් ඊට වඩා කාලයක් යනවා. එතකොට අවුරුදු එකහමාරක් දෙකක් ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන්මම PS4 එකක් ගත්තා කියලා නාස්ති වෙන්නෙ නෑ. මොකද තව කාලෙකට PS4 එකට ගේම්ස් හැදෙන එක නවතින්නෙත් නැති නිසා.

එතකොට තව ප්‍රශ්නයක් තමයි මොන PS4 එකක්ද ගන්නේ කියන එක. ඒ කියන්නේ PS4 Slim 500GB එකක්ද නැතිනම් PS4 Slim1TB එකක්ද නැතිනම් PS4 Pro එකක්ද කියන එක. ඒකත් ඉතින් තමන්ගේ අභිමතය සහ අවශ්‍යතාවය අනුව තමයි. PS4 pro එකක් ගත්තට, ඒකේ තියෙන වැඩි බලයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතිනම්, 4K ඩිස්ප්ලේ එකක් නැතිනම් ඒක ප්‍රයෝජනයක් නැතිවෙයි. මතක ධාරිතාව ගැන වුනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. එක පාර ගේම්ස් බරගාණක් ඉන්ස්ටෝල් කරලා තියාගන්නෙ නැතිනම් 500GB හොඳටම ඇති වෙයි.

 

ඔව්. ඇත්තටම PS4 ගේම්ස් ගණන් තමයි. ඒ කියන්නේ සමහර වෙලාවට අලුතෙන් රිලීස් වුණු බ්‍රෑන්ඩ් නිව් ගේම්ස් දහදාහ දොළොස්දාහ වගේ ගණන් වලට යන්නේ. කාලෙකට කලින් රිලීස් වුණු බ්‍රෑන්ඩ් නිව් ගේම්ස් නම් රුපියල් පන්දාහ හයදාහ හත්දාහ වගේ ගණන් වලටත් ගන්න පුළුවන්.

ඔය PS4 ගේම්ස් වල ගණන් වැඩි කමට තියෙන හොඳ විසඳුමක් තමයි සෙකන්ඩ් හෑන්ඩ් ගේම්ස් ගන්න එක හෝ මාරු කරගෙන ගේම්ස් ගහන එක. හැබැයි එතනදීත් ප්‍රවේසම් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි හීරුණු, හරියට වැඩ කරන්නෙ නැති ගේම්ස් ලැබෙන එක. කොයි තරම් අඩුවට ලැබුණත් ඉතින් වැඩකරන්නෙ නැති ඩිස්ක් එකක් කියන්නේ අපරාදේ සල්ලිනේ. අනික හීරුණු ඩිස්ක් රන් කරන එක දිගින් දිගටම වෙන එක PS4 එකේ ලෙන්ස් එකට හානිකරයි කියලා තමයි ඔය ගැන දන්න අය කියන්නේ.

 

ටීවී කිව්වට මේ කියන්නේ ටීවීම නෙවෙයි. ඔය ස්ට්‍රීමින් සේවාවන් කියන එව්වා. ඒ කියන්නේ Netflix වගේ. ඇත්තටම ඒ වගේ සේවාවන් ගණනාවක්ම PlayStation ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොමත් Netflix නම් බලන්න පුළුවන් කියලා ෂුවර්. හැබැයි ඉතින් අර ඕෆ් පීඩ් ඩේටා වලින් Netflix කෙලින්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන එක නම් PS4 එකේ කරන්න බැහැයි කියලයි කියන්නේ. ඒ වෙනුවට පෙන් එකකට ඩවුන්ලෝඩ් කරලා, පෙන් එක PS4 එකට ගහලා බලන්න පුළුවන්ලු. ඒක කරලම තමයි බලන්න ඕන කොයි තරම් සාර්ථකද, වාතද කියලා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here