ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියි.
සුපුරුදු කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50ක් වැනි අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීයාම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල දැඩි දෝෂාරෝපණ එල්ල කරන අතර එම පරාජය පිළිබඳව බොහෝ පිරිසක් සැක පළ කරයි.
එනිසා අල්ලස, දුෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදුවුයේ දැයි සොයාබැලීමට විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Saru Fm Media