Google search engine
Home ගොසිප් පුවත් අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න බස් රථ රැසක්

අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න බස් රථ රැසක්

0
11

sinhala-avurudu-bus-2024

 සිංහල හා හින්දු අලුත් අවු­රුද්ද සැම­රීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජන­තා­වට යළි පැමි­ණීම සඳහා අද (16) සහ හෙට (17) දින­යේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇත. අප්‍රේල් 14 වනදා දහ­වල් 12.00 සිට මෙම බස් රථ සේවාව ක්‍රියා­ත්මක වූ අතර අද සහ හෙට දින­යේත් එය ක්‍රියා­ත්මක කරන ලෙස ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය විසින් ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වට, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට,

පළාත් ප්‍රවා­හන අධි­කා­රිය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව වෙත උප­දෙස් ලබා දී ඇත.

ඒ අනුව අම්බ­ල­න්ගොඩ, අම්පාර, අනු­රා­ධ­පුර, බදුල්ල, හලා­වත, ඇඹි­ලි­පි­ටිය, කදු­රු­වෙල, හැටන්, නුව­ර­එ­ළිය, වැලි­මඩ, නුවර, කුරු­ණෑ­ගල, මොන­රා­ගල ආදි ප්‍රදේ­ශ­ව­ලින් මෙම විශේෂ බස් රථ ආරම්භ වේ. එමෙන්ම අධි­වේගී මාර්ගය ඔස්සේ මාතර – කොළඹ, මාතර – මාකු­ඹුර, මාතර – කඩු­වෙල, මාතර – කඩ­වත, මාතර – පාන­දුර, ගාල්ල – මාකු­ඹුර, ගාල්ල – කඩු­වෙල, ගාල්ල – කඩ­වත, තංගල්ල – කොළඹ, ඇඹි­ලි­පි­ටිය – කොළඹ, ඇල්පි­ටිය – කොළඹ‍, ඇල්පි­ටිය – මාකු­ඹුර, අම්බ­ල­න්ගොඩ – මාතර ආදි වශ­යෙන් බස් රථ ක්‍රියා­ත්මක වේ. මෙම ප්‍රදේ­ශ­ව­ලින් සෑම විනාඩි 15ත් 30ත් අතර කාල සීමාව තුළ වර­කට බස් රථ පිටත්වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here