අවුරුදු කැවිලි මේසය 1 – අලුත් විදියට මුංකැවුම් – Saru FM Media

0
123


අවුරුදු අත ළඟටම ඇවිත්. අලුත් අවුරුද්දට ඔබේ ගෙදර අයට අපේ සිංහල කැවිලි වර්ග හදලා දෙන්න ඔබ බොහොම ආසා බව Saru FM Media අපි දන්නවා. මේ ඔබට ඒ සඳහා උදව් වෙන ලිපි පෙළක ඇරඹුමක්.

මේ මුං කැවුම් රෙසිපියක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ මිල්ක්මේඩ් යොදාගෙන හදන මුං කැවුම්. අලුත් දෙයක් අලුත් විදියට හදලා ඔබේ පවුලේ අය පුදුම කරවන්න ඔබට පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

1. මුං පිටි 250g
2. හාල් පිටි 250 g
3. මිල්ක් මේඩ් 250 ml
4. කිතුල් හකුරු හෝ සීනී 100g
5. පොල් කිරි
6. කහ ස්වල්පයක්
7. ලුණු
8. තෙල් අවශ්‍ය තරමට

හදන්නේ මෙහෙමයි:

මිල්ක් මේඩ් සහ හකුරු හෝ සීනි බඳුනකට දමා ලිප තබා උණු කරන්න. මිශ්‍ර වී පැණි පදමට එනවිට ඝන වීමට නොදී ලිප නිවා ගන්න.

ඉන්පසු මුං පිටි ටික ටික එක් කරමින් කලවම් කරන්න. මුං පිටි කලවම් කිරීමෙන් පසු හාල් පිටි එක් කරමින් අතේ නොඇලෙන පදමට මුං කැවුම් මිශ්‍රණය සකස් කරගන්න

බැද ගත් හාල් පිටි ස්වල්පයක් ලෑල්ලක් මතට ඉස කැවුම් පිටි මිශ්‍රණය හොදින් තුනී කර කෑලි කපා ගන්න.

හාල් පිටි මිශ්‍රණයේ රස අනුව ලුණුත් පාට අනුව කහත් එක් කර පොල් කිරි වලින් උකු බැටරයක් සාදා ගන්න.

මුලින්ම කපා ගත් මුං පිටි මිශ්‍ර කැබලි බැටරයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.

කැවුම් බදින විට ලිප තබා ගත යුත්තේ මඳ ගින්නේ බව අමතක කරන්න එපා.

අලුත් පන්නයේ රස කැවිලි අතරට අපේ සාම්ප්‍රදායික රස කැවිලි එක් කිරීම නිසා අලුත් අවුරුද්දේ ඔබට ගෙදර අයගෙන් වැඩියෙන් ලකුණු ලැබෙනවා සහතිකයි. ඒ රස කතා අපේ Saru FM Media ෆේස්බුක් සමූහයේ බෙදා ගන්නත් අමතක කරන්න එපා.

-නිබන්ධිකා-


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here