Google search engine
Home ගොසිප් පුවත් අවු­රුදු දා සූර් වී අයියා ගැසු පොලු පහරින් මල්ලි මැරිලා

අවු­රුදු දා සූර් වී අයියා ගැසු පොලු පහරින් මල්ලි මැරිලා

0
37

avvurudu-family-fight

පරණ අවු­රු­දුදා (12) පාන්දර තමාගේ මල්ලීට කෝපි පොල්ල­කින් ගසා මර­ණ­යට පත්කි­රීම සම්බ­න්ධ­යෙන් මිය ගිය අයගේ වැඩි­ම­හල් සහෝ­ද­රයා ගලහ පොලී­සියේ නිල­ධාරි කණ්ඩා­ය­මක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන මහ­නු­වර අධි­ක­රණ වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු මෙම මස විසි පස්වන දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කොට ඇත.

පල්ලෙ දෙල්තොට යෝග ලෙච්චමී වත්තේ පදිං­චිව සිටි සහෝ­ද­ර­යින් දෙදෙ­නකු අතර පෙර දින රාත්‍රි සිට අඬ­ද­බර සිදුවී ඇති අතර අසල් වැසි­යන් අඬ­ද­බර නැවි­ත්වී­මට පැමිණි විට ඔවු­න්ටද පරුෂ වච­න­යෙන් බැන පන්නා දමා ඇත.

සහෝ­ද­ර­යන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කොට සිටි බව අසල් වැසි­යන් පවසා තිබේ. උදෑ­සන ඒම නිවසේ කිසිම ශබ්ද­යක් නොමැති නිසා අස­ල්වැ­සි­යන් ඔවුන් පිළි­බඳ සොයා බලද්දී බාල සහෝ­ද­රයා ලයින් කාම­ර­යක් තුළ මැරී වැටී සිටින අයුරු දැක පොලී­සි­යට දන්වා ඇත. මිය­ගිය පුද්ග­ල­යාගේ අත්පා බැද දමා මෙම පහ­ර­දීම සිදු­කොට ඇති බවට නිරී­ක්ෂ­ණය වී ඇත. මෙසේ මිය­ගොස් ඇත්තේ අවු­රුදු තිස්හ­ත­රක් වය­සැති කිට්න­සාමි කරු­ණා­නිධි නැමති අවි­වා­හක පුද්ග­ල­යෙකු වන අතර ඔහු ස්ථීර රැකි­යා­වක් නොකළ අයෙකි.

පහ­ර­දුන් වැඩි­ම­හල් සහෝ­ද­රයා මීට පෙරද රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තවී නිද­හස් වී පැමිණි පුද්ග­ල­යකු වන අතර ඔහුගේ වයස අවු­රුදු තිස් අටකි.

ගලහ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සමන් ගුණ­සේ­ක­රගේ උප­දෙස් මත අප­රාධ පරී­ක්ෂණ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක විජේ­සිංහ පොලිස් පරී­ක්ෂක විජේ­කෝන් යන නිල­ධා­රිහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

ගලහ සී.කේ. වික්‍රම

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here