අසල්වැසි ඉන්දියාවෙන් කෘතිම බිත්තර ගෙන්වයි.? – උණුසුම් පුවත් – Saru FM Media

0
6


අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර කෘතිමව නිෂ්පාදනය කරනු ලබන බවට සමාජ ජාලාවල එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වනිගසුන්දර පැහැදිලි කිරීමක් කරයි.

මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර මිලියන සියයක් පමණ මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවත් එම බිත්තර සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවද සංස්ථාවේ සභාපති ආසිරි වනිගසුන්දර සදහන් කරයි.

බිත්තර ආනයනයට පෙර ඉන්දියාවේ රසායනාගාර තුළදී පරීක්ෂණ සිදු කරන බවත් අනතුරුව මෙරටට ආනයනය කර නැවත පරීක්ෂණ සිදු කරන බැවින් එම බිත්තර සම්බන්ධව කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙසද සභාපතිවරයා සදහන් කරයි.

එනිසා එම ආනයනික බිත්තර සම්බන්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.


Saru Fm Media