අසැබි වීඩියෝ නරඹා අසාමාන්‍ය ලිංගික චර්යා වලට ඇබ්බැහි වු සැමියා නිසා පීඩා විඳි බිරිඳ. – Saru News Media

0
1

විවාහයකදී ආදරය සහ ලිංගිකත්වය සමාන්තර රේල් පීලි දෙකකට සමානයි. විවාහය රහ වැටෙන ඔබේ බැඳීම් සවිමත් වෙන ලිංගිකත්වයට දැඩිව ඇබ්බැහි වූ සැමියෙකු නිසා බිරිඳක් විඳවූ අන්දම තමයි අපි අද ඔබට කියන්නේ.

ජානකී විවාහයෙන් පසු තමන්ගේම මහ ගෙදර රැඳුණු කාන්තාවක්.ඇගේ සැමියා වූ සුමිත් නාහෙට නාහන ගතිගුණ තියන කෙනෙක් හැටියට ඥාතීන් අතර ප්‍රසිද්ධ වුණත් ඔහුගේ සැබෑ වර්ණ එළියට එන්නේ විවාහයෙන් ටික කාලයකට පසුයි.කාමරයට වී අසැබි වීඩියෝ දර්ශන නරඹමින් හිඳින සුමිත් එකවරම කාමරයෙන් එළියට එන්නේ ජානකීට හඬගසමින්.

“ඒයි, නැගපං බයික් එකට..”

ඔහු මෝටර් සයිකලය ධාවනය කරන්නේ අරමුණකින් තොරව.ඒ යන අතරමඟ ඔහු ජානකීට යම් යම් ලිංගික ක්‍රියාවල නිරත වෙන ලෙස පවසමින් බලපෑම් කරනවා.මේවා ජානකී ඔහුගේ ගුටිබැට වලට බියෙන් විඳගන්නේ ඉතා අප්‍රසන්නවයි.

එපමණක් නෙවෙයි, දරුවන් සහ වැඩිමහළු දෙමාපියන් පවා සිටින නිවසේ දී ඔහු හිටිගමන් නිවසේ පිටුපස ප්‍රදේශයට මෙට්ටයක් ගෙන ගොස් දමනවා.එළිමහනේ ලිංගිකව හැසිරීම වෙනුවෙන් ජානකීට බල කරනවා.මේවා ඔහු කරන්නේ නරඹන අසභ්‍ය වීඩීයෝ නිසා බවට ජානකීට සැකයක් නෑ

ඒ වගේම තමයි මේ දේවල් ජානකීගේ මහළු මවත් පියාත් දරාගෙන ඉන්නේ හරිම වේදනාවකින්.දිනක් ඥාතීන් පිරිසක් නිවසට පැමිණ සිටි මොහොතක සුමිත්ගේ හැසිරීමක් නිසා ඇතිවූ රණ්ඩුවක් දුරදිග ගොස් තාත්තා හෘදයාබාධයකින් අවසන් ගමන් යනවා.සුමිත්ගේ අප්‍රසන්න හැසිරීම් නිසා ඔහුව නිවසින් පිටමං කරන්නට ඥාතීන් ක්‍රියා කරනවා. ජානකී පටාචාරාවක් කරමින් ඇගේ දහසය හැවිරිදි වැඩිමල් දියණිය තරුණයෙකු සමඟ පැන යනවා.

නුවණැති ඥාති කාන්තාවකගේ මාර්ගයෙන් මේ ලිංගික සහ කායික මානසික හිංසනයට පත් ගැහැනිය රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ මනෝ උපදේශනයට යොමු වෙනවා.මේ ඇගේ කතාවයි.ඇගේ කතාව ඇසුරෙන් රත්නා මහත්මියට ඔබට පවසන්නට ඇත්තේ මෙවැන්නක්.

ලිංගිකත්වය කියන්නේ සොබාදහමේ පැවැත්ම වර්ධනයට,ආදරය වැඩි දියුණු කරගන්නට අපිට ලැබුණු අපූර්වතම සම්බන්ධතාවයකට.එය ඉතා සුන්දර ක්‍රියාවලියක්.නමුත් එයට දැඩි සේ ඇබ්බැහිකම් ඇති වීම යම් රෝගී ලක්ෂණයක් හෝ මානසික විකෘති බවක් වීමට ඉඩ වැඩියි.අසභ්‍ය ලිංගික දර්ශන නරඹන්නට දැඩිව ඇබ්බැහි වූ අය ඒවා ප්‍රායෝගික ලෝකයේ කරන්නට යාමෙන් වන හානි කියා නිම කරන්නට බැහැ.

අපි වඩා දැනුවත් විය යුතු කාරණාව උපදේශනය අවශ්‍ය බව හැඟෙද්දී නොපැකිලව එයට ඉදිරිපත් වීමටයි.බොහෝ ගැටලු ඔඩු දුවන්නට කලින් විසඳා ගන්නට ඇති පහසුම මාර්ගය වන්නේ එයයි. ජානකීට මෙවැනි දුක්බර කතාවක හිමිකාරියක් වන්නට සිදු වූයේ ඇය වසර ගණනාවක් සැමියාගේ විකෘති හැසිරීම් දරා ගැනීම නිසාමයි.ඒ නිසා ඔබට යම් ගැටලුවක් ඇති නම් කල යුතු පළමුවැනි දේ විඳවීම නොවේ.උපදේශනයට යොමු වීම පමණයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here