ආණ්ඩුවට දවසේ වියදමට තව කෝටි 625ක් මදි…

0
6

ආණ්ඩුවේ ආදායම් වියදම් පරතරය අනුව දවස ගත කිරීමට රුපියල් කෝටි 625 ක් මදි බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

අද වන විට ආණ්ඩුවේ දිනක ආදායම රුපියල් කෝටි 842ක් වෙද්දී දිනක වියදම කෝටි 1467ක් වී ඇතැයිද කී ඔහු ආණ්ඩු කරන්න හදන සියලු දෙනා විවාද කළ යුත්තේ ආණ්ඩුව දවසක් ගෙනයන්නේ කෙසේද කියා බවත් හෙතෙම පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here