saru fm media
Home දේශීය පුවත් ආණ්ඩුවේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම

ආණ්ඩුවේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම

0
94


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව වර්තමානයේ දැඩි අර්බුදකාරී තත්වයක පසුවුවද ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආණ්ඩුවේ කටයුතුවල වගවීම සහ විනිවිදභාවය ඉහළ දැමිය යුතු යන්න ජනතාව මෑතකදී දැක්වූ විරෝධතාවලදී නැවත නැවතත් දැඩිව කළ ඉල්ලීමක් බව එම නිවේදනයේ සඳහන් වේ. 

වගකීම සහ විනිවිදභාවය තහවුරු කරන්නැයි ජනතාව නැවත නැවත ඉල්ලා සිටිය ද එම එකඳු හෝ කරුණක් සැළකිල්ලට නොගෙන පරණ පුරුදු ලෙසම කටයුතු කිරීම රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ කටයුතුවල තිරසරභාවය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවය දනවන බව ද  වෙරිටේ රිසර්ච් ආයතනය කීය.

රජය 2022 වසරේ යෝජනා කළ ප්‍රතිපත්ති ප්‍රකාරව රජය කටයුතු කර තිබේද යන්න පිළිබඳව එම ආයතනය කළ සමීක්‍ෂණයකින් තොරතුරු රැසක් හෙළිව ඇති බව ද වෙරිටේ රිසර්ච් වැඩි දුරටත් සඳහන් කළේය.

එම ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here