ආදරේ කරන කෙනාට රත්තරන් වලින් තෑගි දෙන එකේ වාසි – Saru News Media

0
22

රත්තරන් කියන්නෙ මේ දවස්වල ටිකක් වැඩිපුර කතාවෙන මාතෘකාවක්. මොකද මේ මෑත කාලෙදි රත්තරන් වල මිල අපිට හිතාගන්න බැරි තරම් සීඝ්‍රයෙන් ඉහළ ගිය නිසා. මේ වෙනකොට රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 12,000 ට ආසන්න මුදලක් වෙලා. ඒ කියන්නෙ හැදුම් කුලී නැතුවත් රත්තරන් පවුමක් ලක්ෂෙකට කිට්ටුයි. හැබැයි ඉතින් එහෙමයි කියල මේ රත්තරන් වලට තියෙන ඉල්ලුම කවදාවත් අඩුවෙනවද? නැහැනේ. රත්තරන් ගණන් යන්න යන්න මිනිස්සු තව තව රත්තරන් හදල එකතු කරගන්න තමයි බලන්නෙ. මොකද ඉස්සරහට තවත් මිල වැඩිවෙයි කියලනෙ හිතන්නෙ. අපි මේ කියන්න යන්නෙ රත්තරන් මිල ගැනයි, ඉස්සරහට මිල වෙනස් වෙන විදිහ ගැනයි නම් නෙමෙයි. රත්තරන් වලින් තෑගි දෙන එක ගැන. අපි ඉතින් හැමෝටම රත්තරන් තෑගි දෙන්නෙ නැහැනෙ. එහෙම දෙන්නත් බැහැනෙ. ඉතින් අපි හිතුව තමන්ට විශේෂම කෙනාට, ඒ කිව්වේ තමන්ගෙ ආදරවන්තයට, ආදරවන්තියට රත්තරන් වලින් තෑගි දෙන එකේ වාසි ගැන කතා කරන්න. මිලෙන් ඉහළ උනත් මේ වාසි ටික දැනගත්තම නම් රත්තරන්ම තෑගි දෙන්න හිතෙයි ඔන්න. 

 

 

 

ඔන්න මේක තමයි ලොකුම වාසිය. අපි කලිනුත් කිව්ව වගේ හැමෝටම රත්තරන් වලින් තෑගි දෙන්නෙ නැහැනේ. දෙනවනම් දෙන්නෙ තමන්ට හුඟක්ම ළඟ පවුලෙ කෙනෙකුට. ඉතින් තමන්ගේ සහකාරයට හරි සහකාරියට හරි රත්තරන් බඩුවක් තෑග්ගක් විදිහට දෙනව කියන්නෙ එයා ඔයාට ගොඩක් විශේෂයි කියන එකයි. ඒක එයාටත් දැනෙනවා. තෑග්ගක් දීලා ඉතින් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ පෙන්නන්නනේ. මේකෙන් ඒ වැඩේ ටක්කෙටම කෙරෙනව ඔන්න.  

 

 

 

රත්තරන් කියන්නෙ කිසිම කාලෙක කල් පනින ඒ කිව්වෙ out date වෙන විලාසිතාවක් නෙමෙයි. ඔය කාලෙන් කාලෙට එන විලාසිතා, මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් වගේ මිනිස්සුන්ට අමතක වෙලා, පරණ වෙලා ගියාට රත්තරන් ආභරණ පළඳින එක බොහෝම ඉස්සර ඉඳන් අද වෙනකන්ම පරණ නොවුණ, ඉස්සරහටත් එහෙම්මම තියෙන විලාසිතාවක්. ඒ නිසා වෙන වෙන ආභරණ ගන්න වෙලාවෙ ටිකක් වැඩියෙන් වියදම් කරල රත්තරන්ම ගන්න එකෙන් නිතර නිතර විලාසිතා වෙනස් කරන්න වෙන කරදරෙත් අඩු වෙනව. නිතර නිතර වෙන වියදමත් අඩුවෙනව.  

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here