ආදර විවාහයකට වඩා යෝජිත විවාහයක් හොඳ නැද්ද? දිගටම කියවලා බලන්න හොඳ නැද්ද කියලා! – Saru News Media

0
38

දැන් විවාහ වෙන සහ විවාහ වුණු ඕනම කෙනෙක් බොහෝ විට එක්කෝ සෙට් වෙලා ලව් කරලා තමයි කසාද බඳින්නේ. එහෙම නැතිනම් කපුවෙක් මාර්ගෙන් හරි වෙන කවුරුහරි මාර්ගෙන් හරි අම්මලා තාත්තලා වැඩිහිටියෝ හොයලා දීලා, එහෙම නැතිනම් තමන්ම හොයාගෙන යෝජිත විවාහයකින් තමයි කසාද බඳින්නේ. එහෙමනේ. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල ඉස්සර කාලේ නම් යෝජිත විවාහ තමයි ගොඩක් දුරට තිබුණේ. හැබැයි දැන් නම් සෑහෙන්න විවාහ ලව් කරලා සිද්ධ වුණත්, තාමත් යෝජිත විවාහ වලටත් සෑහෙන්න තැනක් තියෙනවා. බොරු නම් ගිහින් මංගල කිංකිණි පිටුව අරගෙන බලන්න කොයි තරම් මංගල යෝජනා තියෙනවද කියලා!

 

හරි. දැන් ඇත්තටම ආදර විවාහයක්ද වඩා හොඳ යෝජිත විවාහයක්ද? ඒක ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් වගේ නැද්ද? හැබැයි අපි කියනවා යෝජිත විවාහයක සෑහෙන්න හොඳ දේවල් තියෙනවා. යෝජිත විවාහයක තියෙන ආතල් ගැන අපි කලින් ලියලත් තියෙනවා. ඒ හොඳ දේවල් දිහා බැලුවහම නම් යෝජිත විවාහයක් හොඳයි කියලා සමහරු කියන්න පුලුවන් කියන එක. ඉතින් අපි හිතුවා ඒ නිසා යෝජිත විවාහයක තියෙන හොඳ දේවල් ගැන කියන්න. 

 

මේක ඉතින් සමහරු එකඟ වෙන, සමහරු එකඟ නොවෙන, තවත් සමහරු වැට උඩ ඉඳන් කතා කරන කාරණාවක්. ඒ තමයි කේන්දර පොරොන්දම් ගැලපිල්ල. දැන් කේන්දර පොරොන්දම් ගලපන කතන්දරේ එක්ක ගත්තහම කොහොමද යෝජිත විවාහයක් හොඳ වෙන්නේ? ඒක මෙහෙමයි. දැන් සමහර ගෙවල් වල අම්මලා තාත්තලා වැඩිහිටියෝ ඉන්නවා, කේන්දර ගලපන්නෙ නැතුව මළාට මගුලක් කරන්න දෙන්නෙ නෑ. ඒ තරමටම කේන්දර කියන දේ අදහනවා. දැන් අපි කියමුකෝ දෙන්නෙක් ලව් කරලා අහක් වෙලා විවාහ වෙන්න යනවා කියලා. ඔන්න එතකොට ඔය ඩයි හාඩ් කේන්දර අම්මලා තාත්තලා කේන්දර බලනවා. දැන් ඔය කේන්දර නොගැලපුණොත්? සමහර කේන්දර බලලා ජ්‍යාතීර්වේදියෝ කියනවා මුන් දෙන්න බැන්දොත් එකෙක් මැරෙනවාමයි කියලා. ඉතින් ඔන්න අම්මලා තාත්තලා බය බිරාන්ත වෙලා මේ මගුල කරන්න දෙන්නෙ නෑ කියනවා. සමහර ඩයි හාඩ් කේන්දර ෆෑන් දෙමාපියෝ නං සුළුවට කේන්දර නොගැලපුණත් අවුරුදු ගාණක ලව් කරපු දෙන්නා කසාද බඳිනවට විරුද්ධ වෙනවා. ඉතින් දෙන්නා වියෝ ගීයක් කියලා එක්කො වෙන් වෙන්න ඕන. එහෙම නැතිනම් අම්මලා තාත්තලාට කේන්දර කාරයා එක්කම කුද ගහගන්න කියලා තනි මතේට කසාද බඳින්න ඕන!

 

හැබැයි දැන් අපි හිතමු යෝජිත විවාහයක්. එහෙම එකකදී මුලින්ම පටන් ගන්නෙම කේන්දර කොපි හුවමාරු කරගෙන, පොරොන්දම් ගලපලා බලලා. ආයෙ සුළු හරි නොගැලපීමක් තියේ නං ආයෙ ඒක කෙරෙනෙ නෑ. වෙන යෝජනාවක් බලනවා. කෙල්ලගෙ ගෙදර සිරිතට ගිහින් කෙල්ලයි කොල්ලයි මුලින්ම මුණ ගැහෙන සීන් එක පවා වෙන්නේ කේන්දර ගොඩ නං විතරයි. ආන්න එතකොට ඔය කේන්දර නොගැලපීම් නිසා ප්‍රශ්න එන්නෙ නෑ! ඒක යෝජිත විවාහයක වාසියක්!  

 

අපි ජීවත් වෙන්නේ සිරි ලංකාවෙනේ. තාමත් මෙහේ ගොඩක් අය කේන්දර වලින් කියන දේවල්, ගලපන දේවල් සෑහෙන්න විශ්වාස කරනවනේ. ආන්න ඒ නිසා, යෝජිත විවාහයක හොඳ ගැන කියන දෙවෙනි කාරණාවත් කේන්දරේට සම්බන්ධයි. දැන් අපිට සාමාන්‍යයෙන් ලව් කරලා ටික කාලයක් යනකොට, එයා මෙයා එක්ක එකට ජීවත් වෙන්න ගැලපෙනවද නැද්ද කියන කාරණාව ගැන යම් අදහසක් එනවා. හැබැයි ඉතින් අවුරුදු ගණන් ලව් කරලත්, ඒවා කැඩිලා යන අවස්ථාත් ඕන තරම් තියෙනවා. අන්න එතකොට හිතෙනවා කොහොමද අප්පා මනුස්සයෙක්ව අවුරුදු ගාණක් ආශ්‍රය කළත් තමන්ට එකට ජීවත් වෙන්න හරියටම ගැලපෙනවද කියලා හිතාගන්නේ කියලා.

 

හැබැයි කේන්දර සීන් එකේ තියෙනවනේ පොරොන්දම් බලලා දෙන්නට දෙන්නා ගැලපෙනවද කියලා චෙක් කරන සීන් එක. ඔය කේන්දර ගැන දන්න එක්ස්පර්ට්ලා කියන්නේ කේන්දර බලන සාස්තරේ හරියට දන්න කෙනෙක්ට ආයෙ දෙන්නෙක්ගේ ගතිගුණ වල ඉඳන් ලිංගික ජීවිතේ දක්වා ගැලපෙන ආකාරය ගැන කියන්න පුලුවන් කියලා තමා. ආන්න යෝජිත විවාහයේ වාසිය. ආයෙ මුලින්ම කේන්දරේ බලලා දෙන්නා ගලපලා යෝජිත විවාහයක් කරන නිසා, අර ලව් කරලා වුණත් මූ හෝ මේකි ඇත්තටම තමන්ට ගැලපෙනවද කියන ප්‍රශ්නෙට හොඳ විසඳුමක් ලැබෙනවා. හැබැයි ඉතින් මේක හරියන්නේ කේන්දර විශ්වාස කරන අයට විතරයි හරිද!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here