ආන්දෝලනාත්මක ලිංගික ජවනිකා රඟපෑ ලාංකික නිළියෝ – දෙවැනි කොටස – Saru FM Media

0
221


මීට මාස කීපයකට කලින් මේ මාතෘකාව යටතේ පළවෙනි ආටිකල් එක අපි ඔබ වෙතට ගෙනාවා. අපි අද ඔබත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආටිකල් එකේම දෙවැනි කොටස.

​ආන්දෝලනාත්මක ලිංගික ජවනිකා රඟ පෑ ලාංකික නිළියෝ – 1 කොටස මෙතනින් කියවන්න!

 

අවාසනාවකට වගේ පියුමි සමරවීරට රඟපාන්න ලැබුණේ එකම එක චිත්‍රපටයකට විතරයි. නමුත් ඒ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම උසාවි නියෝගයක් මගින් තහනමට ලක් වුණා. මේ චිත්‍රපටිය තමයි අශෝක හඳගම නිර්මාණය කරපු “අක්ෂරය” චිත්‍රපටය. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුණා. උදාහරණයක් විදිහට පියුමි සමරවීර තමන්ගේ පුතා විදිහට රඟපාන  ළමා නළුවත් එක්ක නිරුවතින් බාත් ටබ් එකක් තුළ සිදු කළ රඟපෑම. මේ දර්ශනය ළමා අපචාරයක් විදිහට ඇතැම් අය හඳුන්වන්න කටයුතු කළා.

 

“හුස්ම” චිත්‍රපටය ගැන කියද්දී ඒ චිත්‍රපටය නොබලපු අයට වුණත් එක්තරා දර්ශනයක් ඔලුවේ මැවෙන්න පටන් ගන්නවා. චමත්කා ලක්මිණි නිර්භීතව රංගනයෙන් දායකත්වය ලබා දුන් එම කුඩා කොටස  අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඒ දර්ශනයට අමතරව දර්ශන වාර කීපයකදීම ඇය තිරය ඉදිරියේ නිරුවත් වෙනවා. මීට පෙර ඇය විසින් “සරුංගල්” නම් චිත්‍රපටයක් සඳහා රංගන දායකත්වය ලබා දීලා තිබ්බා. කෙසේ වෙතත් නවක ශිල්පිනියක් විදිහට ඇය බාර ගත් අභියෝගය සහ එම චරිතය වෙනුවෙන් සිදුකරන ලද කැපවීම ප්‍රේක්ෂකයන් විදියට අපි අගය කළ යුතුයි.

 

සයිමන් නවගත්තේගම මහත්මයාගේ නිර්මාණයක් ඇසුරින් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරයේ දඩයක්කාරයා” චිත්‍රපටය තුළ ගෝමරීගේ චරිතය නිරූපණය කළේ ක්‍රිස්ටිනා බ්‍රිටෝ විසින්. ඇය ඒ චිත්‍රපටය තුළ කිසිදු තැතිගැන්මකින් තොරව තමන්ගේ සිරුර ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරාවරණය කරනවා. මේ චරිතයේ තිබුණු ආන්දෝලනාත්මක ස්වභාවය නිසාම ප්‍රසන්න ජයකොඩිට තමන් බලාපොරොත්තු වෙන ගෝමරී හොයාගන්න සුවිශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. නමුත් ක්‍රිස්ටිනා ඔහුට වගේම ලංකාවේ සමස්ථ ප්‍රේක්ෂකයන්ටත් සාධාරණයක් ඉෂ්ට කරනවා.

 

අශෝක හඳගමගේ තවත් නිර්මාණයක් වුණු “ඇගේ ඇස අග” චිත්‍රපටයේ රිතිකා කොඩිතුවක්කු ආන්දෝලනාත්මක දර්ශන කීපයකටම තමන්ගේ දායකත්වය ලබා දුන්නා. නමුත් ඇය පසුව ප්‍රකාශ කළේ ඒ  රිතිකා කොඩිතුවක්කු නොව චිත්‍රපටයේ චරිතය පමණක් බවයි. කෙසේ වෙතත් ඇය පෙනී සිටියේ සම්මුඛ සාකච්ඡාවලින් පැහැදිළි වෙන දේ තමයි ඇය රංගන ජීවිතය පිළිබඳව ඉතා ස්වාධීන ආකාරයෙන් සිතන නිර්භීත තැනැත්තියක් බව. මේ නිසාම හැඟී යන ආකාරයට ඇය පෙනී සිටි දර්ශන ඇයට කිසිසේත්ම අභියෝගයක් බවට පත් වී නැහැ

 


Saru Fm Media