ආලේපන වලින් තොරවත් ලස්සන වෙන්න පුළුවන්! – Saru FM Media

0
102


අප බොහෝවිට සිතනවා අපේ රුව ඔප් නංවා ගන්නට තිබෙන්නේ රුපලාවන්‍ය ආලේපන පමණක් බවයි. එහෙත් මේ ආලේපන තවරා කොතරම් ලස්සන වුවත් අපගේ හැසිරීම් සහ ඉරියව් අපව  අවලස්සන කරන බව ඔබ  දන්නවා. ඉතින් අප ඒ පිළිබඳව  ටිකක් කතා කරමු.

  • පිරිසුදු කමට පළමු තැන දෙන්න.
  • පිළිවෙලකට ඇඳුම් පැළඳුම් අඳින්න.
  • මඳ සිනහවකින් මුව සරසාගන්න.
  • අසුන් ගැනීමේදී සිරුර ඍජුව තබා ගන්න.
  • සිට ගැනීමේ දී කෙලින් සිටගන්න .
  • අසුන් ගෙන සිටීමේදී කකුල් පැද්දීම, එකිනෙක ගැටීම ආදියෙන් වළකින්න.
  • ප්‍රිය වචන කතා කරන්න.
  • නිහතමානී වන්න.
  • කේන්තියෙන් ප්‍රතිචාර නො දක්වන්න.
  • අනෙකාට හොඳින් සවන් දෙන්න.
  • නිරෝගී සම, නිරෝගී නිය පෙළ, නිරෝගී දත්, පිරිසුදු හිසකෙස් පිලිබඳ මනාව සැළකිලිමත් වන්න.
  • නිතරම ආචාරශීලී වන්න.
  • තමන්ට අදාළ නොවන කතා බහ වලට මැදිහත් නො වන්න.

ඉතින් මෙන්න මේ පුරුදු අනුගමනය කළොත් අනෙක් සියල්ලන්ම අතරින් ඔබව වඩාත් ආකර්ෂනියව ඉස්මතු වීම කාටවත් වලක්වන්නට නොහැකි බව මතක තබාගන්න.

– ඉරේෂා –

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here