ඇයි Saru News Media අපි මෙච්චර සෙක්ස් ගැන කතා කරන්නේ? – Saru News Media

0
11

මෙන්න ප්‍රශ්න! ඇත්තටම ඔය බඩු මිල, තෙල් පෝලිම් වගේම බොහොම වැදගත් ප්‍රශ්නයක් තමයි මේකත්. ඇයි ඇත්තටම Saru News Media එකේ මේ තරම් සෙක්ස් ගැන කතා කරන්නේ සහ සෙක්ස් ගැන ලියන්නේ? මේ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් අපි කතාබහ කරන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. දැන් සෙක්ස් කියන්නේ ලංකාව වගේ ආසියාතික රටවල ලේසියෙන් කතා නොකරන, ගොඩක් අය කතා කරන්නත් ලැජ්ජ වෙන කාරණාවක්නේ. හැබැයි කතා කරන්න ලැජ්ජ වුණා කියලා, සෙක්ස් කියන දේ අපේ ජීවිතෙන් පැත්තකට යන්නෙ නැහැනේ. සෙක්ස් කියන්නේ ජිවිතේ කොටසක්.

 

එතකොට සෙක්ස් ගැන කතා නොකරන එකෙන් මොකක්ද වෙන්න පුලුවන් හොඳ? ඇත්තටම වෙන්න පුලුවන් හොඳක් නම් නෑ. හැබැයි සෙක්ස් ගැන කතා නොකරන එකෙන් වෙන්න පුලුවන් නරක නම් සෑහෙන්න තියෙනවා. උදාහරණයක් විදියට, සෙක්ස් ගැන හරි විදියට දැනුවත් භාවයක් දරුවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ට පවා නැති වීම එක නරකක්. සෙක්ස් ගැන වැරදි මත සමාජගත වීම සහ ඒකෙන් විවිධ පුද්ගලයන්ට අගතියක් වීම තවත් නරකක්. ඒ වගේම, සෙක්ස් ගැන හරි අදහසක් නැතිවීම, විද්‍යාත්මක කරුණු කාරණා ගැන නොදැන සිටීම නිසා සෙක්ස් කියන දේ ආට් එකක් විදියට රසවිඳින්න බැරි වීමත් සෙක්ස් ගැන කතා නොකිරීමෙන් සිදුවෙන්න පුලුවන් ලොකු නරකක්.

 

දැන් අපිට තේරුම් ගන්න පුලුවන් ඇයි සෙක්ස් ගැන කතා නොකරන එක ප්‍රශ්නකාරී වෙන්නේ කියන එක නේ? එතකොට ඇයි Saru News Media සෙක්ස් ගැන මෙච්චර කතා කරන්නේ කියන එක ගැන උත්තරේ එතනම තියෙනවා. අපිට අවශ්‍යයි Saru News Media කියවන අපේ ආදරණීය පාඨකයෝ ජීවිතේ සෙක්ස් කියන පාර්ට් කියන එක ගැනත් දැනුවත් වෙන්න. ආන්න ඒ නිසා තමයි අපි සෙක්ස් ගැන කතා කරන්නේ. ඒ ගැන අපි විස්තරාත්මකව මේ විදියට පැහැදිලි කරන්න කැමතියි!

 

දැං ලංකාව එක කාලෙක වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බනේ සෙක්ස් කියලා සර්ච් කරලා ලෝකෙන්ම අංක එක වෙලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි පෝර්න් බලන්න ගියත්, හරියට සර්ච් කරලා අවශ්‍ය කැටගරියක් බලාගන්න තියෙන නොදැනුවත්කම. ඔහේ සෙක්ස් කියලා තමයි සර්ච් කරන්නේ. ඉතිං ලංකාව අංක එකට ආවා සෙක්ස් කියන වචනේ වැඩියෙන්ම සර්ච් කරපු රට විදියට. හරි. මෙතන තව කරුණු තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සෙක්ස් ගැන දැනගන්න ඕන නිසා සෙක්ස් කියලා සර්ච් කළා වෙන්නත් පුලුවන්. ඒ කොහොම වුණත්, හරියට බ්ලූ ෆිල්ම් එකක්, පෝර්න් එකක් බලන්න හරි අවබෝධයක් ඕනම කෙනෙක්ට තියෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. බ්ලූ ෆිල්ම්ස් හොඳද නරකද කියන විවාදය අපිට වෙනම කරන්න පුලුවන්, වෙන දවසක.

 

ඇත්තටම සෙක්ස් කරන හැමෝම සෙක්ස් එන්ජෝයි කරනවද? ආන්න ප්‍රශ්න. ඇත්තටම ඒකට ෂුවර් ඇන්ඩ් ෂොට් උත්තරේ තමයි  නැහැයි කියන එක. ඇයි එහෙම කියන්නේ? පළවෙනි කරුණ මේකයි. පිරිමි කොහොම වෙතත්, සෙක්ස් කරන කාන්තාවෝ හැමෝම සුරතාන්තයක් ලබාගන්නවද? සමහරු නැහැ. සමහරු විවාහ වෙලා අවුරුදු ගණන් ගිහිල්ලත් සුරතාන්තයක් ලබාගෙන නැති අය ඉන්නවා. එතකොට දෙවෙනි කාරණේ, ගැහැණු වුණත්, පිරිමි වුණත් සෙක්ස් කරනකොට සුරතාන්තයක් ලබාගත්තු පලියට ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ අය සෙක්ස් කිරීම එන්ජෝයි කරලා, රසවිඳලා කියලා. ඇත්තටම සෙක්ස් කරනවා කියන්නේ ආට් එකක්. එතකොට සෙක්ස් කරන දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් හෝ ඒ ආට් එක ප්‍රගුණ කරලා, ඉගෙනගෙන ඉන්න ඕන. ආන්න එතකොට තමයි සෙක්ස් ලස්සනට එන්ජෝයි කරලා හොඳ තෘප්තියක් ලබාගන්න පුලුවන් වෙන්නේ. ආන්න ඒකට අවශ්‍ය දේවල් අපි කියලා දෙනවා.

 

අපි කිව්වනේ සෙක්ස් කියන්නේ ආට් එකක් කියලා. එතකොට ලෝකේ ආට් කියන එක ක්‍රමයෙන් වැඩිදියුණු වෙනවා, පරිණාමය වෙනවා වගේම, සෙක්ස් සම්බන්ධයෙන් ගත්තත් අලුතෙන් දේවල් ඇති වෙනවා. ආන්න ඒ අලුත් දේවල් සහ සමහර වෙලාවට පරණ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න දේවල් ඉගෙන ගන්න එක, ලිංගික ජීවිතයේ පේන්න තියෙන ක්ෂිතිජ මායිම් වලින් එහාට ගිහින් වැඩි තෘප්තියක් ලබාගන්න ප්‍රයෝජනවත්. ආන්න ඒ වගේ දේවල් ගැන Saru News Media එකෙන් අපි කතා කරනවා. උදාහරණ විදියට ගත්තොත්, සෙක්ස් ටෝයිස් කියන්නේ මොනවද, කොහොමද ඒවා පාවිච්චි කරන්නේ කියන එක. එතකොට ගුද සංසර්ගය කියන්නේ මොකක්ද, කොහොමද ඒක තෘප්තිමත්ව සිද්ධ කරන්නේ කියන එක. එතකොට, ඇඳට යන්න අඳින්න පුලුවන් සරාගී යට ඇඳුම් මොනවද කියන එක ගැන. එතකොට ලිංගික ජීවිතේදී එන්ජෝයි  කරන්න පුලුවන් සෙක්ස් ෆැන්ටසීස් මොනවද කියන එක ගැන. මෙන්න මේ හැම දෙයක්ම Saru News Media එකේ අපි සෙක්ස් ගැන කතා කරන මාතෘකා ඇසුරෙන් හොයාගන්න පුලුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here