ඇල්ලෙවල ඇල්ලේ සැඟව ගිය තරුණයින් තිදෙනෙකුගේ සිරුරු සොයා ගනී – Saru FM Media

0
101


COLOMBO (News 1st) – වැල්ලවාය, ඇල්ලෙවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි ඉතිරි තරුණයින් 03 දෙනාගේ මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ,   නාවික හමුදාවේ කිමිදුම්කරුවන්  මළ සිරුරු  සොයා ගෙන ඇති බවයි. 

අතුරුදන් වූ එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ සොයා ගැනිණ. 

ඊයේ (21) උදෑසන තරුණයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී පිරිසෙන් 04දෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබිණ. 

මෙලෙස අනතුරට පත්වුණේ  අවුරුදු 20, 21 යන වයස්වල පසුවන  කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තරුණයින් 4 දෙනෙකි. 



උණුසුම් පුවත්




Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here