ඉඩ්ලි හදමු අවශ්‍ය ද්‍රව්‍ය – පොන්නි සම්බා ගන්නවානම් ගොඩක්…

0
38


ඉඩ්ලි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය –
පොන්නි සම්බා ගන්නවානම් ගොඩක් හොඳයි. අනිත්වා උනත් කමක්නැ. (නාඩු හෝ සම්බා)

හාල් ග්‍රෑම් 800
උඳු ඇට ග්‍රෑම් 200
උළුහාල් තේ හැඳි 1
වතුර අවශ්‍ය පමණට
ලුණු අවශ්‍ය පමණට

සාදන අයුරු-
පුන්නි සම්බා පෙඟෙන්නට තබන්න. පැය 6 ක් පමණ.

උළු හාල් සහ උ ඳුඇට වෙන වෙනම පෙඟෙන්නට තබන්න. පැය 6 ක් පමණ.

පැය හයක් හෝ පුරා රැයක් පෙඟෙන්නට තබන්න.

පැය හයකට හෝ රැයකට පසුව සහල් වෙනමත් උඳු හා උළුහාල් වෙනමත් උකුවට අඹරා ගන්න.

හොඳ මෘදු මිශ්‍රණයක් ලබාගන්න හොඳින් බ්ලෙන්ඩ් කරන්න.දැන් අඹරාගත් හාල් මිශ්‍රණයත් උඳුහා උළුහාල් මිශ්‍රණයත් එකට දමා හොඳට කලවම් කරන්න.

දැන් සාදාගත් ඉඩ්ලි බැටර් එක පුරා රැයක් හෝ පැය12ක් පිපෙන්නට තබන්න.

මිශ්‍රණය ගොඩක් දියාරු වුනොත් සෙට් වෙන්නේ නැහැ . උකු වුනොත් හයි වෙනවා.
ගානට ගන්න.

ඔබ සිටින්නේ සීතල ප්‍රදේශයක නම් බෙිකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරන්න.

හොදින් පැය 12ක් ඉඩ්ලි බැටර් එක පිපුනාට පසුව ඔබෙි ඉඩිලි ස්ටීමරය සූදානම් කරගන්න එය තෙල් තැවරූ පිරිසිදු රෙදිකඩකින් හොඳින් පිස දමන්න. ඉඩ්ලි ස්ටිමර් එකක් නැත්නම් පොඩි ඇළුමීනියම් භාජන වලට හොදට තෙල් ගාලා ස්ටීම් කර ගන්න පුළුවන්.

දැන් ඉඩ්ලි බැටර් එක අච්චු වලට හොඳින් පුරවන්න. උඩට එනකල් දාන්න එපා. උතුරන්න පුළුවන් නිසා.

ඉන්පසුව ව්නාඩි 10ක් 12ක් හොඳින් ස්ටීම් කරගන්න. ස්ටීම් කරගත් ඉඩ්ලි පරෙස්සමින් ගලවා ගන්න. පොඩි හැන්දක මිටක් ආධාරයෙන් ගලවා ගන්න.

ඕනැම කරියක් සමඟ ඉඩ්ලි කෑමට ගත හැකියි. මේ ඉඩ්ලි ගොඩාක් සොෆ්ට්.

මුල් අයිතිය Garlic and Ginger



Saru FM Media