ඉන්ට්‍රොවර්ට් පුද්ගලයෙක් එක්ක එදිනෙදා ජීවිතේදී කටයුතු කරන්නේ කොහොමද? – Saru News Media

0
18

 

කවුද මේ ඇත්තටම ඉන්ට්‍රොවර්ට් කෙනෙක් නැතිනම් ඇතුළු හදට නැඹුරු වුණු පුද්ගලයෙක් කියන්නේ? මතක ඇති අපි Saru News Media එකේ එක පාරක් ඒ ගැන කතා කළා. එතනදිත් අපි කිව්වා ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ තමන්ගේ හැඟීම් එක්ක වඩාත් ස්පර්ෂයෙන් ඉන්න, කල්පනාකාරී, නිහඬ සහ ගොඩක් වෙලාවට තමන්ටම සීමා වෙලා ඉන්න කෙනෙක්. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් සමාජ ආශ්‍රය ඒ තරම් හොයන්නෙ නෑ. එයාට ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න තිබ්බනම් ඇති. හැබැයි ඒකෙන් කියන්නේ ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කුලෑටි සහ ලැජ්ජාශීලී කියන එක නෙවෙයි. එහෙම නෑ.

 

දැන් ඕකේ අනික් පැත්ත එක්ස්ට්‍රොවර්ට්. ඒ අය සමාජශීලී සත්වයෝ. ඉතින් ඉන්ට්‍රොවර්ට් නොවෙන අය ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ව තේරුම් ගන්නවා හොරයි. පවුලේ අය, ජොබ් එකක් කරනකොට එතන ඉන්න අය විතරක් නෙවෙයි, ආදරෙන් බැඳෙන අය පවා සමහර වෙලාවට ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ගේ විදිය තේරුම් ගන්නෙ නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක එදිනෙදා ජීවිතේදී ගනුදෙනු කිරීම ගැන අනික් අයට පොඩි මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කරන්න.

 

අපිට අපිත් එක්ක එකට ජීවත් වෙන, අපිත් එක්ක එකට වැඩ කරන ඉන්ට්‍රොවර්ට් මනුස්සයෙක්ව තේරුම් නොයන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ මනුස්සයට අපි වගේ සමාජ ආශ්‍රයක් ඇතුව, තනියෙන් ඉන්නෙ නැතුව ජීවත් වෙන්න බැරි කියලා. හැබැයි අපිට ඒ කෙනාව තේරුම් ගන්න බැරි වුණත්, අඩුම ගාණේ එයාගේ විදිය ඒකයි කියන එක, ඒ විදිය වුනත් තවත් විදියක් කියන එක පිළිගන්න පුළුවන් වෙන්න ඕන. අපිට ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ කොයි වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. හැබැයි එහෙම බැරි වුනත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නේ අරුමයක් නෙවෙයි, එයා අමුතු සතෙක් නෙවෙයි කියලා පිළිගන්න එක තමයි පළමුවෙනි පියවර.

 

සාමාන්‍යයෙන් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් බොහොම අඩුවෙන් කතාබහ කරන කෙනෙක්නේ. ඒ නිසාම විශේෂයෙන්ම ඔය ආදර සම්බන්ධතා වලදී එහෙම ඉන්ට්‍රොවර්ට් කෙනෙක්ව ඩේට් කරන එක්ස්ට්‍රොවර්ට් කෙනෙක් වෙහෙසට පත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. යන්න පළවෙනි කාරණාවට. දැන් තේරුම් ගන්න, ඉන්ට්‍රොවර්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි අඩුවෙන් කතා කරන්නේ අපිත් එක්ක තරහ වෙලා හරි, වෙන ඒ වගේ දෙයක් හරි නිසා නොවෙන වග. එයා ගොඩක් වෙලාවට කියන්න අවශ්‍යම දෙයක් අපිත් එක්ක කියයි. එහෙම නොකියන වෙලාවට එයාගේ ශරීර භාෂාව, බලන විදිය පවා තේරුම් ගන්න එක වැදගත්.

 

අපි ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ජීවත් වෙනකොට හරි වැඩ කරනකොට හරි ආදරය කරනකොට හරි වැදගත්ම කාරණයක් තමයි හොඳින් ඒ අයව නිරීක්ෂණය කිරීම. එහෙම හොඳින් නිරීක්ෂණය කරනකොට අපිට ඒ අයව තේරුම් ගන්න එක ගොඩක් පහසු වෙනවා. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් තමන්ටම සීමා වෙලා ගොඩක් වෙලාවට ඉන්නේ අනික් අය එක්ක අප්සට් එකකින් හෝ සමාජය අප්‍රිය කරන නිසා හෝ නොවෙන වග අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට, ඒ අයගේ ශරීර භාෂාව, ඉඟි බිඟි පවා ක්‍රමයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට අපිට ඉන්ට්‍රොවර්ට් කෙනෙක් එක්ක ඉන්න අසීරුයි කියලා දැනෙන හැඟීම නැතිවෙලා යන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්ට්‍රොවර්ට් කෙනෙක් අපේ අත ආදරෙන් පිරිමදින එක, එහෙම නැතිනම් අපේ ලඟට වෙලා පොතක් කියවන එක තමයි එයාලා අපිට ආදරෙයි කියලා කරන සලකුණ. හොඳින් නිරීක්ෂණය කළොත් අපිට ඒ සලකුණු, අභිනයන් අඳුනගන්න පුළුවන්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here