සත්කාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි ඊයේ පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගය ලකුණු 21 ක් ජයගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙයි. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියෙහි ජය ද දෙකට එකක් වශයෙන් ඕස්ට්‍රේලියාවට හිමි විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49 කදී සියඑ දෙනා දැවී ලකුණු 269 ක් රැස් කර ගත්තේය. මිචෙල් මාෂ් 47 යි. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 44 කට කඩුඑ 3 ක් බිඳ හෙලීය. ලකුණු 270 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 49 යි එක් පන්දුවකදී සියඑ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 248 ක් පමණි. විරාට් කෝලී ලකුණු 54 යි. ඇඩම් ශම්පා ලකුණු 45 කට කඩුඑ 4 ක් දවා ගත්තේය.
Saru Fm Media