ඉන්දීය මහ මැතිවරණය: හතරවන අදිරය ඇරඹේ – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
12

ඉන්දීය මහා මැතිවරණ ඡන්ද විමසීමේ හතරවන අදියර ආරම්භ වුණා.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ප්‍රාන්ත නවයක් මූලික කර ගනිමින් ආසන 96ක පැවැත්වෙනවා.

ඡන්ද විමසීමේ පළමු අදියර තුන / අප්‍රේල් 19 / අප්‍රේල් 26 සහ මැයි 7 යන දිනවලදී පැවැත්වුණා.

මහමැතිවරණය සදහා ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය / ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඇතුළු සන්ධාන කිහිපයක්ම මැතිවරණය වෙනුවෙන් තරග කරනවා.

සති හයක් පුරා පැවැත්වෙන ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙසයි මෙය හැදින්වෙන්නේ.

මෙවර මැතිවරණය සදහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 969ක් පමණ වනවා.

ඡන්ද විමසීමේ හතරවන අදියර අදින් ඇරඹි අතර සමස්ථ ප්‍රතිඵල ජූනි 4 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here