ඉලෙක්ට්‍රොනික් අත්සන ගැන දැනගමුද? – Saru News Media

0
35

දැන් ඔය අපේ අත්සන තියෙන්නේ. අන්න ඒ අත්සන කියන එක සෑහෙන ප්‍රබල දෙයක්නේ. ඒ කියන්නේ අපි මුලින්ම ජාතික මට්ටමේ විභාගයක් කාරිය කරන තැන ඉඳලා අපිටම කියලා ඉඩකඩම්, යානවාහන ඇතුළු ඕනෙම ලොකු දෙයක් ගන්න තැන වෙනකල් අපිට අත්සන වැදගත් වෙනවා. එතකොට අපි කසාද බඳින එකේදී ඉඳලා අවසාන කැමැත්ත දක්වාත් අත්සන වැදගත් වෙනවා. කොටින්ම කිවුවොත්, අත්සන කියන්නේ අපි යම් කිසි දේකට අපේ එකඟතාවය, අනුමැතිය දෙන බොරු කරන්න බැරි සාක්කියක් වගේ දෙයක්. ඒ නිසාම තමයි අපි හරියට අත්සනක් හදාගන්න ඕනෑ කරන්නෙත්.

හැබැයි හැමදාමත් අපි කොළේක පෑනකින් අත්සන් කරන්නම ඕනෙද? ඇත්තම කිවුවොත් ඉතාම වැදගත් ලිපිලේඛන සම්බන්ධයෙන් නම් උත්තරේ ඔව්. හැබැයි හැමදේකටම එහෙම ඕන නෑ. විශේෂයෙන්ම ඩිජිටල් ලෝකෙක, ඩිජිටල් ලිපිලේඛන එක්ක වැඩ කරන අපිට අත්සනත් ඩිජිටල්කරණය කරගන්න පුළුවන්. එහෙම කරගන්නවා නම් ලේසියි. ආන්න ඒ නිසා අපි හිතුවා ඩිජිටල් විදියට අත්සනක් හදාගන්න එක, එහෙම නැතිනම් ඊ-සිග්නේචර් එකක් -ඒ කිව්වේ ඉලෙක්ට්‍රොනික අත්සනක්- හදාගන්න එක ගැන කරුණු කීපයක් කියන්න.

 

සරලවම කිවුවොත්, අපි භාවිතා කරන අපේ සැබෑ අත්සනේ ඩිජිටල් වර්ෂන් එකක්. ඒ කියන්නේ ඩිජිටල් වර්ෂන් එක ඇත්ත නෙවෙයි කියන එක නෙවෙයි. අපි කොළේක පෑනෙන් ගහන අත්සන හාඩ් කොපි එකක් නම්, ඊ-සිග්නේචර් එක කියන්නේ හරියට සොෆ්ට් කොපි එක වගේ. එතකොට අපි කොළේක අත්සන් කරනවා වගේම, අපි සොෆ්ට් කොපි එකක් විදියට තියෙන ඩොකියුමන්ට් එකක් සයින් කරන්න පුළුවන් අර අපේ අත්සනේ ඩිජිටල් සංස්කරණය නැතිනම් ඊ-සිග්නේචර් එක සොෆ්ට් කොපි ඩොකියුමන්ට් එක එඩිට් කරලා, ඒකේ අදාළ තැන යොදලා.   

 

වලංගුයි. ඒකේ ආයි අහන්න දෙයක් නෑ. ඇත්තටම කිවුවොත් ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික අත්සන් සම්බන්ධයෙන් වෙනම පනතක් පවා ගෙනැල්ලා තියෙනවා. ඊ-සිග්නේචර් එක ඇත්ත අත්සනක් නෙවෙයි නේද, ඒක නිකම්ම ඉමේජ් එකක් වෙන්න පුළුවන් නේද කියලත් සමහරු අහනවනේ. ඒකට දෙන්න පුළුවන් උත්තරේ මේකයි. දැන් අපි ඉමේජ් එකක් විදියට හරි අපේ අත්සන යොදන එකෙන් අදහස් වෙන්නේ, අපි යම් දේකට අපේ අනුමැතිය දෙනවා කියන එක. එතකොට ඒක එතනින් එහාට වළ​ංගුයි. ඒ කියන්නේ එතනදී කියවෙන්නේ අපි යම් ඩොකියුමන්ට් එකකට අත්සන් කරන්න තියෙන අභිප්‍රාය කියන එක. පැහැදිලියිනේ. 

 

ප්‍රධානතම වාසියක් වෙන්නේ කාලය ඉතුරු වීම. විශේෂයෙන්ම දැන් අද වෙනකොට කොවිඩ්-19 එක්ක ගොඩක් දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම් වගේ සංකල්ප වලට හුරු වෙලා. එතකොට මොකක් හරි ඩොකියුමන්ට් එකක් අපිට ඊමේල් එකක් විදියට කෙනෙක් එවුවහම, ඒක කොහොමද අපි අත්සන් කරල යවන්නේ? සැබෑ අත්සන පාවිච්චි කරනවා නං අපිට ඒ ඩොකියුමන්ට් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, ඊට පස්සේ ඒකේ අත්සන් කරලා, ආයෙමත් ඒ අත්සන් කරපු ඩොකියුමන්ට් එක ස්කෑන් කරලා යවන්න වෙනවා. ඒක වැඩ ගොඩක්. හැබැයි ඊ-සිග්නේචර් එකට යන්නේ සොෆ්ට් කොපි ඩොකියුමන්ට් එක එඩිට් කරන වෙලාවයි මහන්සියයි විතරයි. ඒකෙන් කාලෙ වගේම සල්ලිත් ඉතුරු වෙනවා.

 

ඒ වගේම ගොඩක් දෙනෙක් ඊ-සිග්නේචර් භාවිතා කරන්න තව හේතුවක් තමයි, ඊ-සිග්නේචර් එකක පෙනුමේ කොලිටිය. ඒ කියන්නේ අතින් සයින් කරපු අත්සනකට වඩා, එක පාරක් අත්සන් කරලා හදාගත්තු ඊ-සිග්නේචර් එකේ ස්වභාවය කාලයත් එක්ක වෙනස් වෙන්නෙ නැහැනේ. ඒකෙන් කොලිටිය වැඩිවෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here