ඊයේ දිනයේ ස්ථාන 3කින් ගිනිඅවි 9ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් ගිනිඅවි 7ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේදීයි.
මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 7ක් මරුවැල් 16ක් සහ ඊයම් බෝල 14ක් සමග සැකකරුවෙකු බඩල්කුඹුර බෝගහ පැලැස්ස රක්ෂිත ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගැනුනා. සැකකරු එම ප්‍ර දේශයේම පදිංචි 63 හැවිරිදි අයෙක්.
සැකකරු සහ ගිනිඅවි මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කොටවෙහෙර අඹාලේ ප්‍ර දේශයේ දී සහ හොරොව්පතාන,රත්මලේ ප්‍ර දේශයේ දී ද ගිනිඅවි බැගින් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
Saru Fm Media