උත්සව අවස්ථාවකට සුදුසු සාරි අඳින අලුත්ම ක්‍රම 3 ක්. – Saru FM Media

0
176


උත්සව අවස්ථාවකට අඳින ඇඳුම සම්බන්ධයෙන් බොහෝ යුවතියන්ට ගැටළු තියෙනවා.සිරුරට ගැලපෙන ඇඳුමක්, ගැලපෙන පාට, මේකප් කරන ආකාරය වගේම ස්වභාවික රූ සත්කාර වලින් පෙනුම ඔප් නංවා ගන්න හැටි අපි Saru FM Media.lk හරහා නිතරම කතා කරනවා.

අද අපි කියන්න යන්නේ සිහින් සිරුරක් හිමි යුවතියකට උත්සව අවස්ථාවකට ගැලපෙන විදියට සාරියක් අඳින්න ක්‍රම තුනක්.

පළමු ක්‍රමය

1. සාරියේ එක් කෙලවරක් දකුණු පැත්තේ ඉණට තබා ගන්න.
2. සාරිය ඉනට ඉහළින් රවුමක් ගෙන එන්න
3. එය දකුණු පැත්තට ළඟා වන තුරු රෙදි පොට තද කර තබා ගන්න.
4. නිදහසේ ගලා යන කෙළවර ගෙන එයින් කොටසක් තාවකාලිකව වම් ඉනට තබා ගන්න
5. පොටේ අග කෙලවර ඉදිරිපසට ගෙන එන්න.
6. වම් උරහිස මත එක් පොටකින් එය සවි කරන්න
7. වම් ඉණ මතට සාරිය ගෙනෙන්න
8. දකුණු පැත්තේ බෝඩරය දිගේ පින් එකකින් එය සවි කරන්න
9. මැද රැලි සකසන්න
10. එය ඉණ මැදට තද කරන්න
11. දැන් සාරිය පපුව මත ලිහිල්ව සකසන්න.

දෙවැනි ක්‍රමය

1. සාරියේ එක් කෙලවරක් දකුණු පැත්තේ ඉණට එන ලෙස සකස් කරන්න.
2. සාරිය ඉණට ඉහළින් රවුමක් කරකවා ගෙන එය දකුණු පැත්තට ළඟා වන තුරු රෙදි පොට තද කර තබා ගන්න.
3. නිදහසේ ගලා යන කෙළවර ගෙන එයින් කුඩා කොටසක් වම් ඉණෙහි තබා තද කරන්න
4. සාරි රෙද්ද ඉන මැදින් යූ හැඩයට සකස පොට ඉදිරිපසට ගන්න.
5. වම් උරහිස මත එක පොටකින් එය සවි කරන්න.

තුන්වැනි  ක්‍රමය.

1. සාරියේ එක් කෙලවරක් දකුණු පැත්තේ ඉණට එන ලෙස සකස් කරන්න
2. සාරිය ඉණට ඉහළින් රවුමක් කරකවා ගෙන එය දකුණු පැත්තට ළඟා වන තුරු රෙදි පොට තද කර තබා ගන්න.
3. නිදහසේ තිබෙන පොට රැගෙන කුඩා ප්ලීට්ස් සකසමින් pleated සායක් ලෙස ඉන වටා දවටන්න.
4. ඔබ නැවත ඉදිරියට සාරිය ගනිද්දී, එම පොට සකස් කර, දකුණු උරහිසේ පිටුපසේ සිට ඉදිරියට ගෙන යන්න, කෙටි දිගක් සහිතව ඉදිරිපස පොටක් ඉතිරි කරන්න.
5.සාරි පොට අග එක පින් එකක් ගසා  පහළ වම් පැත්තට තවත් පින් එකක් සවි කරන්න

වැඩිදුර දැනගැනීමට

මෙන්න මේ ආකාරයට බොහොම කෙටි පියවර ප්‍රමාණයකින් ඔබට සාරියක් ඇඳගන්න පුලුවන්.එකම මෙටීරියල් එකක් වුණත් ක්‍රම තුනකින් උත්සව අවස්ථා තුනකට අඳින්න පුලුවන්.

සාරියට ගැලපෙන ජුවලරි තෝරා ගන්න මේ ලිපිය කියවන්න.

සාරියට ගැලපෙන ජුවලරි තෝරා ගන්න මේ ටිප්ස් ඔබට වැදගත් වේවි.

උත්සවයකට යනකොට මේ විදියට ලස්සනට සාරිය ඇඳගෙන ගියොත් හැමෝගෙම අවධානය වගේම ප්‍රතිචාරත් අනිවාර්යයෙන් ඔබට ලැබේවි.


Saru Fm Media