උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදයි – Saru FM

0
188


දීමනා වැඩි කර තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තවමත් ආරම්භ කර නැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන කතා කරන කිසිවෙකුත් සිසුන් ලක්ෂ 40කගේ මානව හිමිකම් ගැන කතා නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ දී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අමතමිනුයි සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කලේ.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ පෙළපොත් සහ පාසල් නිළ ඇඳුම් සඳහා රජය මෙවර රුපියල් බිලියන 8ක් වැය කරන බවයි.

තාක්ෂණ සමග ඉදිරියට යාමට ඉංග්‍රිසි භාෂාව අවශ්‍ය බව කී අමාත්‍යවරයා පාසල් සිසුන්ට ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට සාධනීය පියවර රැසක් ගෙන ඇති බව ද සඳහන් කළා.

 

 

 


Saru Fm Media