මේ ආටිකල් එක තුළින් අපි කතා කරන්න යන්නේ ගීත ගැන. හැබැයි මේ ගීත සුවිශේෂීයි. ඒ තමයි මේ ගීත එකම කලා නිර්මාණය තුළ හඬවල් දෙකකින් ඇහෙන එක. මේ නිසාම ඇතැම් අවස්ථාවල රසිකයෝ එක හඬකින් විතරක් මේ ගීතය අහලා හිතන්නේ තමන් අහපු ගීතයේ අයිතිය තියෙන්නෙ ඒ ගායිකාවට හෝ ගායකයාට පමණයි කියලා.
දැන් අපි ඒ වගේ ගීත නිර්මාණ කීපයක් ගැන අහලා බලමු.
ගැටවරයෝ චිත්‍රපටය නරඹලා තියෙන අයට මේ සිංදුව ඇහෙද්දි සෝබනී අමරසිංහගේ රූපය හිතේ ඇඳෙනවා ඇති. මෙම චිත්‍රපටය තුළදී අවස්ථානුකූලව හීන හතක් මැද ගීතය දෙදෙනෙකුගේ කටහඬින් ගැයෙනවා ඇහෙනවා. මේ දෙන්නා තමයි ලතා වල්පොල සහ ඩබ්ලිව්. ඩී. අමරදේව. අපි දැන් මේ ගීත දෙක වෙන වෙනම අහමු.
“මයුරිගේ කතාව” චිත්‍රපටයට ඇතුළත් වන මේ ගීතයේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වීම. අපේ රසිකයන් බොහෝ දෙනෙක්ට හුරු පුරුදු සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය විතරයි. අපි දැන් ඒ ගීතය අහමු.
Saru Fm Media