එක එක විදියේ බඩු මිලදී ගන්න ලංකාවේ තියෙන ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්! – Saru News Media

0
13

මේ වෙනකොට ස්මාට්ෆෝන් එකක් කියන්නේ තවදුරටත් කීප දෙනෙක් අතේ විතරක් තියෙන ලක්ෂරි භාණ්ඩයක් නෙවෙයි. ලක්ෂ කීපයක් වෙන ස්මාට්ෆෝන් අතරේම රුපියල් දහ දොළොස් දාහටත් අරගන්න පුළුවන් ස්මාට්ෆෝන් තියෙනවා. ඉතින් මේ ස්මාට්ෆෝන් යුගය බිහිවීමත් එක්කම අපේ හැම වැඩක්ම පාහේ පහසු කරගන්න පුළුවන් ස්මාට්ෆෝන් ඇප්ස් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔන්ලයින් බඩු ගන්න එක තවදුරටත් අරුම පුදුම දෙයක් නොවෙන ශ්‍රී ලංකාවක, වෙබ් සයිට් වලට නොගිහින් කෙලින්ම ස්මාට්ෆෝන් ඇප් එක හරහා ගිහින් වඩාත් පහසුවෙන් බඩුමුට්ටු ගන්නත් හැකියාව මේ විදියට ලැබිලා තියෙනවා. ඉතින් අපි හඳුන්වලා දෙන්න යන්නේ අන්න ඒ විදියට අපේ ඔන්ලයින් බඩු ගන්න වැඩකටයුතු පහසු කරන්න නිර්මාණය කරලා තියෙන ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්.

 

Daraz කියන්නේ චීනයට අයිති, දකුණු ආසියාවේ විශාලතම ඊ-මාකට් එකක්. ඒ කියන්නේ ඔන්ලයින් බඩු විකුණන ප්ලැට්ෆෝම් එකක්. මේ Daraz සමාගම ලංකාවේ ඉස්සර තිබුණු Kaymu.lk එකත් එක්ක එකතු වෙලා දැන් Daraz.lk බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කට්ටියගේ ස්මාට්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ යන්න පුළුවන් මේ අය විකුණන බඩු මොනවද බලන්න. අපරාදේ කියන්න බෑ, කොණ්ඩ කටු වල ඉඳලා ටීවී, වොෂින් මැෂින් වෙනකල්ම එක එක විදියේ බඩුභාණ්ඩ මේ අය ගාව ගන්න තියෙනවා. ගෙදරටම ඩිලිවර් කරලාත් දෙනවා.

 

ඌබර් ඊට්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ඌබර් ටැක්සි ඇප් එක නැති කොළඹ යන එන කෙනෙක්ගේ ෆෝන් එකක වුනත් අනිවා තියෙන්න පුළුවන් ඇප් එකක් තමයි ඌබර් ඊට්ස්. මේකෙන් ලැබෙන සේවාව සරලයි. අපි ඇප් එකට ගිහිල්ලා ඒකේ තියෙන කඩේකින් අපිට ඕන කෑම බීම ඕඩර් කරනවා. සල්ලි ඕන නම් කාඩ් එකකින් ගෙවන්නත් පුළුවන්, කෑම එක අතට ආවහම දෙන්නත් පුළුවන්. ඉතින් යම් වෙලාවකට පස්සේ ඌබර් ඊට්ස් රයිඩර් කෙනෙක් අපි ඉන්න තැනටම අපි ඕඩර් කරපු කෑම එක ගෙනැල්ලා දෙනවා. කොයි තරම් ලේසිද? ඩිලිවරි කියලා මහලොකු ගාණක් යන්නෙත් නෑ.

ඌබර් ඊට්ස් (Uber Eats) වලින් කෑම ඕඩර් කරනකොට වැදගත් වෙන ටිප්ස් කීපයක්!

 

ඉක්මන් ඩොට් එල්කේ කියන්නේ හැමෝම වගේ දන්න වෙබ් සයිට් එකක්. රෙන්ට් එකට ගෙයක් හොයාගන්න එකේ ඉඳලා, අඩු ගාණට කාර් එකක් ගන්න හොයාගන්න එකේ ඉඳලා සෙකන්ඩ් හෑන්ඩ් බඩු භාණ්ඩ හොයාගන්න එක දක්වා ගොඩක් දේවලට ගොඩක් දෙනෙක් යන්නේ ඉක්මන් එකට. උඩින් කියපු දේවල් විකුණගන්න වුනත් යන්නේ ඉක්මන් එකට. ආන්න ඒ ඉක්මන් එක වඩාත් ඉක්මනින් සේවාව ලබාදෙන්න තමයි මේ ස්මාට්ෆෝන් ඇප් එක හදලා තියෙන්නේ. ඇත්තටම වෙබ් සයිට් එකෙන් බඩු ගන්නවට වඩා ඉක්මන් ඇප් එක ලේසියි කියලා කෙනෙක් කිව්වත් අපි පුදුම වෙන්නෙ නෑ!

 

ලංකාවේ මනුස්සයෙක් සිංගර් එක ගැන නොදැන ඉන්න විදියක් නැහැනේ. සිංගර් කියන්නේ ලංකාවේ මුළුතැන්ගෙයි බඩු වල ඉඳලා වොෂින් මැෂින්, ෆ්‍රිජ්, ටීවී, කම්පියුටර් දක්වා විවිධ බඩුමුට්ටු ගන්න පුළුවන්, ලංකාව පුරා විහිදුණු ශාඛා ජාලයකින් යුක්ත සමාගමක්. සිංගර් එකට මෙච්චර කල් ගොඩවැදිලා ඕන බඩු ගත්ත එකේ, දැන් සිංගර් ශ්‍රී ලංකා ඇප් කට ගොඩවැදිලා, ඒකේ තියෙන බඩු තෝරලා බලලා අරගෙන, ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. මේ අයගේ තියෙන ස්පෙෂල් ඔෆර්ස් එහෙමත් ඇප් එකේ පෙන්නන නිසා කිසිම දෙයක් මිස් වෙන්නේ නෑ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here