දැන් අපෙන් කවුරුහරි ඇහුවොත් එහෙම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා, ඒකට අපිට උපමා ඇසුරෙන් කියන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. ජීවිතය ගලාගෙන යන ගඟක් වගේ, ජීවිතේ සෙනඟ පිරිච්ච බස් එකක් වගේ, ජීවිතයේ කරත්ත රෝදයක් වගේ, ජීවිතය හරියට පොතක් වගේ, ජීවිතයේ සිනමාපටයක් වගේ යනාදී වශයෙන් ජීවිතය ගැන ඕන තරම් නිර්වචන දෙන්නට පුළුවන්. හැබැයි මේ නිර්වචන දීමයි, ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද තමන්ට කියන එක අවබෝධ කරගැනීමයි දෙකක්. ජීවිතය කොයි වගේද කියන එක තමන්ට සාපේක්ෂව වෙනස් වෙන්න ඕන දෙයක්. හැබැයි තමන්ට සාපේක්ෂව ජීවිතය කියන්නේ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා අවබෝධයක් ලබාගත කෙනෙක්ට, ජීවිතයේ හරි විදියට විඳින්න, තමන්ට ඕන විදිහට ජීවිතේ ගත කරන්න, ජීවත්වෙන පොඩි කාලෙදි හරි අර්ථවත් ජීවිතයක් ගෙවන්න හැකියාව ලැබෙනවා.
ඉතින් ඒ කාරණාවත් එක්ක, Saru FM Media එක්ක ඉන්න අපේ සහෘදයන්ට, තමන්ගෙ ජීවිතය ගැන තමන්ගේ විදියට අවබෝධයක් ලබා ගන්න උදව්වක් විදිහට, අපි මීට කලින් Saru FM Media ජීවිතයට අවබෝධයක් ආටිකල් එකක් ඉදිරිපත් කළා. දැන් අපි ඒ වගේම තව Saru FM Media ජීවිතයට අවබෝධයක් ආටිකල් එකක් ඉදිරිපත් කරන්න යන්නේ.
දැන් ඔය මෝටිවේෂන් කතා කියන අය එහෙම කියනවා ඇහිලා ඇති, ජීවිතය පටන් ගන්නේ වයස අවුරුදු 40 න්, ජීවිතේ පටන් ගන්නේ වයස අවුරුදු 50න් වගේ කතා. ඒක ඇත්තද? අනික ජීවිතේ පටන් ගන්න ඉපදුනු ගමන් නෙවෙයිද? මෙතන කතාව මෙහෙමයි. ගොඩක් අය ඉපදුණු දවසේ ඉඳන්, ජීවිතේ ඔටෝපයිලට් තමයි යන්නේ. අම්මලා උගන්වන හින්දා ඉගෙන ගන්නවා, රස්සාවක් කරන්න ඕන නිසා රස්සාවක් හොයා ගන්නවා, සමහරු අම්මලා තාත්තලා කියන නිසාම විවාහ වෙලා ළමයි හදලා එයත් එක්ක ජීවත් වෙනවා. සමහරු ඉන්නවා ඔටෝපයිලට් මෝඩ් එකේම ඉඳන් ජීවිතේ සැලකිය යුතු කිසිම දෙයක් කරන්නේ නැතුව නාස්ති කරලා දානවා. එතකොට මේ ආයෙමත් ඉපදීම කියලා කියන්නේ, තමන් එහෙම ඔටෝපයිලට් ජීවත් වෙලා හරියන්නෑ ජීවිතේ සැලකිය යුතු දෙයක් කරන්න ඕන, තර්කානුකූල විදිහට ජීවිතය ගත කරන්න ඕන කියලා දැන් ඉන්න තැන ගැන.
අපි කියන්නේ, ඔබ නැවත ඉපදෙන්නේ, වයස අවුරුදු හතළිහෙන් හරි පනහෙන් හරි නෙවෙයි. ඔබට අවදිවෙන ඇමතුමක් ලැබෙන තැනදී කියලා. ඒ කියන්නේ ඔබ ඇස් අරින තැනදී. මේ ඇස් ඇරීම සිද්ධවෙන්නේ, සමහරවිට ඔබ ආර්ථික වශයෙන් අඩියටම වැටුණු තැන වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සෞඛ්‍යය සම්බන්ධයෙන් භයානක අනතුරු හැඟවීමක් ලැබුණු තැන වෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් බිඳවැටුණු තැන වෙන්න පුළුවන්. ඒ කොයි විදියේ දේකින්, අවදි වෙන ඇමතුම ලැබුණත්, ඒ දෙවැනි අවස්ථාව අතහරින්නේ නැතුව එතනින් යළි ඉපදුනා කියල ජීවිතය පටන් ගන්න එක තමයි වැදගත්.
මේකත් මෝටිවේෂනල් ස්පීකර්ස්ලා කියනවා ඔබට ඇසිලා ඇති. මේකෙන් කියන්නේ රස්සාවක් කරලා පඩියක් ගන්න එපා කියන එක නෙවෙයි. දියුණු වෙන්න සැබෑ වුවමනාවක් තියෙනවා නම්, එදිනෙදා රස්සාවට සහ මාසික පඩිය හුරු වෙන්න එපා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ රස්සාවට යනවා යනව මාසෙ ගාණේ පඩියක් හම්බෙනවා කියන සුවපහසු කලාපයට – ඒ කියන්නේ comfort zone එකට ඇතුළත් වෙලා ඉන්න එපා කියලා. එතකොට වෙන්නේ, අපි අභියෝගාත්මක දේවල් කරලා, වැඩි සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් දේවල් වලට අත තියන්නේ නැති වීම. ඇයි පඩියක් හම්බෙනවනේ.
මේකත් ඔය ගොඩක් අයගේ දියුණුව වැළැක්වෙන හේතුවක්. අපි කියමු අපිට මොකක් හරි අලුත් දෙයක් කරන්න අදහසක් පහළ වෙනවා. හැබැයි අදහස ආපු ගමන් අපි එක කරන්නෙ නෑ. එක්කෝ, අනිත් හැම දෙයක්ම, හැම තත්ත්වයක්ම, හොඳ වෙනකල් බලාගෙන ඉන්නවා. එහෙම නැතිනම්, ඒක ලබන අවුරුද්දට කල් දානවා. හැබැයි ඔය දෙකෙන්ම වෙන්නේ, අපේ අලුත් අදහස කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නැති වීම තමයි. සමහර වෙලාවට ඒක අපිට කලින් වෙන කෙනෙක් ක්‍රියාත්මක කරලා සාර්ථක වෙනවා. අපිට වෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න තමයි. ඒ නිසා කිසිම දෙයක් පටන් ගන්නට, නැකත් එනකල් බලාගෙන ඉන්න එපා. හැමදේම පරිපූර්ණ තත්ත්වයට එනකල් බලාගෙන ඉන්නත් එපා. දෙයක් හිතුනා නම් ඒ මොහොතෙම පටන් ගන්න.
මේ කාරණාව ඇත්ත වෙන්නේ ඔබේ වටේ ඉන්න මිතුරන්ගේ ස්වභාවය අනුව. අපිට පිළිගන්න වෙන දෙයක් තමයි, අවංකවම අපේ යහපත ප්‍රාර්ථනා කරන, සැබෑ මිතුරන් ජීවිතයට හම්බෙන්නෙ ටිකයි. අනික තමයි අපේ වටේ ඉන්න හැමෝම, සමාජ මාධ්‍ය වලින් එහෙම අඳුනා ගන්නා හැමෝම හොඳ යාළුවෝ නෙවෙයි. ඒ අය නිකම් දන්නා අඳුනන අය විතරයි. සමහර වෙලාවට ඒ තමන්ගේ වටේ ඉන්න අයගෙන් ගොඩක් දෙනෙක් ඉරිසියාකාර කම් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ යාලුවන්ට, අපේ ජීවිතේ තත්වෙ ඉහළ යනකොට, ඒක දරා ගන්න බැරි වෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට එක්කෝ ඒ අය අපිට ගරහන්න, අපිව කොන් කරන්න පටන් ගන්නවා. එතකොට අපි ඉබේම ඒ අයගෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් ඒ අයම අපෙන් අයින් වෙලා යනවා. මේක ඇත්තම ඇත්ත කාරණයක් කියලා ගොඩක් අය අත්දැකීමෙන් දන්නවා ඇති.
හැබැයි තව දෙයක් තියෙනවා. තමන්ගෙ වටේ ඉන්නේ, ඇත්තටම තමන්ගේ යහපත ප්‍රාර්ථනා කරන, අවංක හැඟීමෙන් තමන්ව ආශ්‍රය කරන, යාලුවෝ සුළුතරයක් නම්, ඒ අයට මේ කතාව වලංගු වෙන්නේ නැහැ. ඒ අය මොනදේ උනත් අපිව දාලා යන්නේ නැහැ.
මේ කියන්නේ “ඩෝන්ට් ටේක් එව්‍රිතින්ග් පර්සනල්” කියන එක තමයි. ඔබට සාර්ථකව සහ සතුටින් සිටීමට අවශ්‍ය නම්, සෑම දෙයක්ම පුද්ගලික කාරණාවක් ලෙසින් නොගැනීමට පුහුණු වන්න වෙනවා. අපි උදාහරණ ආශ්‍රයෙන් මේක තේරුම් ගමු. ඔන්න අපි මොකක් හරි වැඩක් කරනවා. කෙනෙක් ඒක ගැන විවේචනයක් එල්ල කරනවා. දැන් ඒ විවේචනය තුළ ගත ගතයුත්තක් තිබුනත්, අපිට ඒ විවේචනය නිසා හිත රිදෙන්න පුළුවන්. ඒකට කියන්නේ අපේ මමත්වය හානි වෙනවා කියලා. ඒ කියන්නේ ඊගෝ එක හර්ට් වෙනවා කියලා. හැබැයි අපි පුහුණු වෙන්න ඕන, අපි ගැන හෝ අපි කරන දෙයක් ගැන ඵලදායි විවේචනයක් එල්ල වෙනවා නම්, ඒක පුද්ගලික කාරණයක් විදියට ගන්නේ නැතුව, ඒ විවේචනයේ තියෙන හරය අරගෙන, අපි කරන දේ හෝ අපිව, තවදුරටත් දියුණු කරගන්න.
මේකට තව උදාහරණයක් ගත්තොත්, ඔෆිස් එකේදි අපි කරන වැඩ ගැන හෝ අපේ හැසිරීම ගැන හෝ අපේ වෘත්තීයමය භාවය ගැන අපේ ප්‍රධානියෙක් අපිට මොනවා හරි කිව්වොත් අපි කරන්න ඕන ඒකට හිත රිද්ද ගෙන, ඔෆිස් එකේ යාලුවොත් එක්ක බොස්ට බනින එක නෙවෙයි. ඒක මුලින්ම පර්සනල් නොගෙන ඉන්න අපි පුහුණු වෙන්න ඕන. ඊට පස්සේ ඒ බැනීමේ ගන්න දෙයක් තියනවනම් එක ගන්න අපිට පුළුවන් වෙන්න ඕන.
Saru Fm Media