ඔබේ දරුවා දියවැඩියාවෙන් ගලවා ගන්න උවමනා ද? – Saru FM Media

0
166


වර්තමානයේ කුඩා දරුවන් රැසකට දියවැඩියා රෝගය වැළඳී තිබෙනවා.ඒ වගේම පසු කාලීනව ඇතිවන දියවැඩියා රෝගීන් සදහා කුඩා  කාලයේදී ලබාගත් ආහාර රටාව බලපාන බව සොයා ගෙන තිබෙනවා.

නිරෝගිමත් ආහාර රටාවක්

බොහෝ දෙමවුපියන් තමන්ගේ දරුවන් ට ක්ෂණික ආහාර ලබා දෙනවා .ක්ෂණික නූඩ්ල්ස් , අධිකව සීනි යෙදූ කෘතිම බීම වර්ග, මේ ගනයට ඇතුලත්.
එම නිසා එම කෘතිම ආහාර වලින් කෘතිම ආහාර වලින් තොරව නැවුම් එළවළු පලතුරු සහිත ආහාර වේලකට දරුවා හුරු කිරීම වැදගත්.
උදෑසන ආහාරය ද ඒ තරමට ම වැදගත් වනවා .

ක්‍රියාශීලී  බව හරිම වැදගත්

පවතින අධ්‍යාපන රටාව නිසා දරුවන්ගේ ක්‍රියාශීලී බව ට හානි පමුණුවනවා.පාසලෙන් එමෙන් ම ඉන් බාහිරව එක තැන වාඩි වී ලබන අධ්‍යාපනයකට ගුවන් හුරු වී ඇති නිසා විශේෂයෙන්ම ඔවුන්ගේ ව්‍යායාම ගැන සැලකිලිමත් විය යුතු වෙනවා.

දියවැඩියාව වළක්වා ගත හැකි රෝගයක්

මේ සඳහා අවශ්‍ය වන්නේ පෙර සූදානම පමණයි.ඒ වගේම ඔබගේ දැනුවත් භාවය ද ඉතා ම වැදගත් .දෙමව්පියන් ලෙස නිරෝගිමත් දරුවකු මෙන් ම හෙට දිනයේ දී නිරෝගීමත් වැඩිහිටියෙකු  මේ සමාජයට දායාද කිරීමේ වගකීම ඔබ සතු ව තිබෙනවා .


Saru Fm Media