ඔබේ පෙනුමට ගැළපෙන්න Leggings හරියටම තෝරා ගන්නේ මෙහෙමයි.. – Saru News Media

0
7

අපි හැමෝම ආසයි Leggins අඳින්න. කුර්තා ටොප් එකක් එක්ක වගේ ගැලපෙන ලෙගින් එකක් මැච් කරල අඳින්න හැබැයි එච්චර ලේසියෙන් බෑ නේද?

ඇඟටම ඇලවිල ඇඟේ හැඩය මතු කරන මේ ලෙගිස්න් කියන ඇඳුම් ජාතිය හරියටම ගැලපෙන එක හොයාගන්න නම් පොඩ්ඩක් විතර මහන්සි වෙන්න වෙනවා.

මොන ඇඳුම ගන්න ශොපින් ගියත් නිවැරදි සයිස් එක කලර් එක අඳුරගන්න එක, දැනගෙන ඉන්න එක හරිම වැදගත් නෙ. ඉතින් ඔන්න හරියනම ලෙගින් එක ගන්න යන ඔයා වෙනුවෙන් තමයි අපි මේ ආටිකල් එක ලියන්නෙ.

අපි සමහර වෙලාවටම වෙන කඩේකින් ගත්ත ඇඳුමක් සයිස් එක ඒ වගේම ඇඳුමක් වෙන කඩේකින් ගනිද්දි වෙනස් වෙන්න පුලුවන්.ඔයාලටත් එහෙම වෙලා ඇති. ඒකට හේතුව වෙන්නෙ එක එක කඩවල් Global Measurement එකම පාවිච්චි කරන්නෙ නැති හන්දා.

ඉතින් ලෙගින් එකක් තෝරගනිද්දි මෙන්න මේ පුංචි ටිප්ස් කීපයක අනුගමනය කරොත් ඔයාට වඩා සුවපහසුවක් ගෙනත් දෙන, ලස්සන ලෙගින් එකක් පහසුවෙන් තෝරගන්න පුලුවන් වෙයි.

1-ඔයා සාමාන්‍ය අඳින කලිසම් ප්‍රමානයෙන් පටන් ගන්න

අපි සාමාන්‍යයෙන් අඳින කලිසම් ප්‍රමාණයම අපි ලෙගින්ස් අඳිද්දි තෝරගන්නෙ නැති එක ඇත්තක්. හැබැයි ඇඟට හරියනම ලෙගින් එක තෝරගන්න ඔයා සාමාන්‍යයෙන් අඳින කලිසම් ප්‍රමාණයේ ලෙගින් එකක් මුලින්ම ට්‍රයි කරන එක ඔයාට හරියනම ලෙගින් එකා තෝරගන්න උදව්වක්.

හැබැයි ඉතින් ඔන්ලයින් වගේ ලෙගින්ස් ගන්නව නම් මේක කරන එකක් ටිකක් රිස්කි. එහෙම වෙලාවක ඔයාගෙ යාලුවෙක් හරි පවුලෙ කෙනෙක් හරි එතනින් ලෙගින් එකක් අරගෙන තියෙනවනම් ඔයාලට එයාගෙන් අහල අරගන්න පුලුවන්.

ඒ වගේම තමයි ලෙගින් එක ගනිද්දි ඔයා ඒක අඳින්න යන්න මොකක් එක්කද, මොන වගේ තැනකද කියල හිතල තමයි අරගන්න ඕන. ඕනවට වඩා තද ඇඟ කැපිල පේන ලෙගින් එකක් අඳින එක සමහර අවස්තාවල, සමහර ඇඳුම් එක්ක ඔයාට අපහසුතාවයක් අරගෙන එන්න පුලුවන්.

2-මැනල බලන්න

ඔන්ලයින් වගේ ගන්නවනම් ඔයාට ඉස්සෙල්ල දැනුමක් තියෙන්න ඕන ඔයාගෙ ඇඟේ මිණුම් ගැන. ඉතින් ඒකට ඔයා ඔයාගෙ ශරීර ප්‍රමාණය ගැන දත්ත ටික යාවත්කාලීන කරගන්න එක ඉතාම වැදගත්.

මුලින්ම ඔයාගෙ ඉණ මැනල බලන්න. ටේප් එකක් අරගෙන ඔයාගෙ ඉණේ පොඩිම තැන වටේ නාභියට උඩින් මැනල අරගන්න.

ඉණ මනිද්දි කකුල් එකට තියාගෙන උකුලේ සම්පූර්න කොටස වටේ උකුල් ඇටකටු වලට පල්ලෙහයින් සහ Thighs වටේ මිනුම අරගන්න.

මේ මිනුම් අනුව අර මම උඩින් කිව්ව Global Measurements වලට ඇඳුම් විකුණන තැනකින් ඔයාට පහසුවෙන් ඔයාට ගැලපෙනම ඇඳුම මිල දී ගන්න පුලුවන්

3-ස්ට්‍රෙච් වෙන රෙදි

ලෙගින්ස් අඳින්නෙ ස්ට්‍රෙච් වෙන රෙද්දකින්නෙ. හැබැයි සමහරු එහෙම ස්ට්‍රෙච් වෙන්නෙ නැති ඒවයින් මහල ඔයාට විකුනන්න පුලුවන්. මේක ගොඩක් වෙලාවට වෙන්නෙ ඔන්ලයින් ඇඳුම් ගනිද්දි. පින්තූරෙ තියෙන ඇඳුම නෙවෙයි ගෙදරට එද්දි එන්නෙ.

ඒ නිසා ලෙගින් එකක් ගනිද්දි ඒ ලෙගින් එක මහල තියෙන රෙදි වර්ගය ගැන දැනගන්න. ඒක කොච්චර දුරට ඇදෙනවද, දහඩිය උරාගන්නවද, ඇඟට පහසුද නැද්ද කියල දැනගන්න. මොකද ලෙගින් එකක් කියන්නෙ කොහොමත් ඇඟට ඇලවිල තියෙන එකක්නෙ. ඉතින් ඕනවට වඩා තද උනොත්, දහඩිය උරාගත්තෙ නැත්තම් ඔයාට දැනෙන අපහසුතාවය වැඩිවෙන්න පුලුවන්.

4-ගන්න කලින් ට්‍රයි කරල බලන්න

ඒ වගේම තමයි පුලුවන් නම් ලෙගින්ස් වගේ ගනිද්දි ඔයා ඔන්ලයින් ගන්නවට වඩා මම නම් කියන්නෙ වඩා හොඳයි ට්‍රයි කරල බලලම අරගන්න එක.

මොකද කලින් කිව්ව වගේ ලෙගින් එකක් කියන්නෙ ඇඟට තද වෙලා තියෙන එකක්. ඒ වගේම ගොඩක් අය ව්‍යායම කරන්නත් අරගන්නව ලෙගින්ස්. ඉතින් සුවපහසුව ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.

ඒ නිසා ඔයා අනිවාර්‍යෙන්ම ලෙගින්ස් වගේ ඇඳුමක් ගනිද්දි ට්‍රයි කරල බලන්න. මොකද ඔයාලා දන්නවනෙ ලෙගින් එකක් ලස්සනට ඇන්දොත් ලස්සනයි. හැබැයි ඒකම අනිත් පැත්ත වෙන්නත් පුලුවන්.

ඔයා ලෙගින් එකක් ඇන්දම ඒක නිකන් එල්ලිල වැටෙනව වගේනම් ඒකෙන් අදහස් කරන්නෙ ලෙගින් එක ඔයාට ලූස් වැඪි කියල. ඒ වගේම ලෙගින් එක ඇඳල නැවෙද්දි කරද්දි ඔයාගෙ හම පේනවනම් ඒ කියන්නෙ ලෙගින් එක ඔයාට ඕනවට වඩා තදයි කියන එක.

ඒ නිසා ඇඳල බලල, ෆිටෝන් රූම් එකේ කණ්ණාඩියෙන් හොඳට බලල ලෙගින් එකක් අරගෙන ලස්සනට අඳින්න අමතක කරන්න එපා!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here