ඔබේ සිරුරේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති බවට ඉඟි කරන ලක්ෂණ. – Saru FM Media

0
93


හෝමෝන අසමතුලිතතාවයන් ගැන ඔබේ වෛද්‍යවරයා කවදම හරි දවසක ඔබට අනතුරු අඟවලා තියෙනවාද?ඒ නැතත් ගර්භනී වීම පමා වීම වගේ කාරණා වලදී අනිත් අය මේ ගැටලුව ගැන කියනවා ඔබ අහලා ඇති. හෝමෝන සිරුරේ සිදුවන බොහෝ වැදගත් ක්‍රියාවලින් පාලනය කරන සාධකයක්.හෝමොන අසමතුලිතතා කියන්නෙත් සංකීර්ණ විෂයක්.

ඒත් සමහර රෝග ලක්ෂණ නිසා හෝමොන අසමතුලිතතා හඳුනා ගන්න පුලුවන්.මේ ලිපියෙන් අපි කියන්නේ මේ රෝග ලක්ෂණ ඇත්නම් ඔබ හෝමෝන අසමතුලිතතා ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාවයි.

කුරුලෑ එක්වරම ඇති වීම

වෙනදා කුරුලෑ නැති මුහුණක එක්වරම කුරුලෑ එන්නට ඇන්ඩ්‍රොජන් හෝමෝනයේ අසමතුලිතතා හේතු වෙන්න පුලුවන්.ඒ අසමතුලිතතා සමහර කාන්තා රෝගවලට හේතු වෙන්න පුලුවන් නිසා පරීක්ෂාකාරී වෙන්න.

නින්ද නොයාම

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ වෙනස්කම් නිසා ඔබේ නින්ද අහිමි වෙන්න ඉඩ තියෙනවා.ප්‍රොජෙස්ටරෝන් සිරුර ඉහිල් කරන්න, සන්සුන් කරන්න සහ හොඳ නින්දකට හේතු වෙන හෝමොනයක්.නින්දේ ගැටලු තියනවා නම් කල්පනාවෙන්!

හිසරදය ඇති වීම

ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන අසමතුලිතතා ඇති වීම තදබල හිසරදයක් ඇති වීමේ සිට ඉරුවාරදය දක්වා හේතු වෙනවා.ඊස්ට්‍රජන් හෝමෝනය සිරුරට අත්‍යවශ්‍ය හෝමෝනයක් නිසා ප්‍රවේසම් වීම වැදගත්.

වැඩිපුර දහඩිය දැමීම

හෝමෝන සිරුරේ උෂ්ණත්වය පාලනය කරනවා.වැඩියෙන් දහඩිය දමන්නේ හෝමෝන අන්බැලන්ස් එකක් හින්දා වෙන්න පුලුවන්.ඔසප් කාලයේ සමහරුන්ට තදින් දහඩිය දමන්න හේතුවත් හෝමෝන ගැටලු වීමට යම් ඉඩක් තියෙනවා.

නිතර මහන්සි දැනීම

නිතරම මහන්සියෙන් ඉන්නවා නම් ටිකක් පරිස්සමින්.තයිරොයිඩ් හෝමෝන අසමතුලිතතා ඒකට හේතුවෙන්න පුලුවන්.

ශරීරයේ බර වෙනස් වීම

එක්වරම බර වැඩි වෙන්න පටන් අරන් ද?ටෙස්ටොස්ටෙරෝන් අඩු වීම, ඊස්ට්‍රජන් හෝ ඉන්සියුලින් වැඩි වීම එයට හේතුවක් වෙන්න පුලුවන්.ඒ වගේම තයිරොයිඩ් වෙනස්කම් වෙන්නත් පුලුවන්.

හැම තිස්සෙම බර ගැන කල්පනාවෙන් ඉන්න.

කොණ්ඩය අධිකව යාම

තයිරොයිඩ් සහ ටෙස්ටොස්ටෙරෝන් හෝමොන් වල වෙනස්කම් සහ අසමතුලිතතා නිසා කාන්තාවන්ගේ කොණ්ඩය ගැලවී යන්න පුලුවන්.ඔබේ කොණ්ඩය අධිකව යනවා නම් රූපලාවණ්‍ය ප්‍රතිකාර වලට පමණක් සීමා නොවී වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නත් අමතක කරන්න එපා.

අමතක වීම

අවධානය අඩුකමට කෝටිසෝල් සහ ඊස්ට්‍රජන් වල අසමතුලිතතා හේතු වෙන්න පුලුවන්.ඒ නිසා ඔබේ මතකය ගැන ගැටලු ඇති වෙනවා නම් පරීක්ෂාකාරී වෙන්නම ඕන.

ආහාර මාර්ගය ආශ්‍රිත ගැටලු

ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු වගේම නිතර බඩගිනි වීමත් හෝමෝන සම්බන්ධ ගැටලුවල ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්.ඒ සාමාන්‍ය කාරණා කියලා බැහැර නොකර ටිකක් කල්පනාවෙන් ඉන්න.

මේ දේවල් ඔබට කියන්නේ අනවශ්‍ය භීතීන් ඇති කරගන්න නම් නෙවේ.අපේ සිරුර කියන්නෙත් වැඩබිමක්.සමහරවිට එහි යම් යම් අඩපණ වීම් ගැන අපිට මුලින්ම ඉඟි ලැබෙන්නේ මේ ආකාරයෙන් වෙන්න පුලුවන්. ඒ නිසා ඕනෑම මොහොතක අපි තමන් ගැන කල්පනාකාරීව ඉඳීමෙන් විශාල ගැටලු මුල් කාලයේම හඳුනා ගන්න හැකි වෙනවා.

කල්පනාකාරීව ජීවත් වෙමු.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here