ඔබ නැරඹිය යුතුම බෙංගාලි සිනමාපට හතක් – Saru FM Media

0
182


ඉන්දියානු චිත්‍රපට නරඹද්දි ගොඩක් අයට මගහැරෙන සිනමා වර්ගයක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. ඉතින් ඒ නිසා අද අපි හිතුවා අපූරුම බෙංගාලි සිනමාපට හතක් ගැන කතාකරන්න…

 

චින්තා ලක්ෂ්මී මහත්මිය පරිවර්තනය කරපු “මාවතේ ගීතය”, “අපරාජිත ජීවිතයක්” සහ “අපූගේ ලෝකය” කියන පොත් තුන අපිව කොච්චර සංවේදී කළාද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ නේද? ඉතින් මේ පොත් තුනේ කතාව සත්‍යජිත් රායි කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා විසින් සිනමාවට ගෙන එනු ලබනවා. ගොඩක් දුරට මේ සිනමාපට ත්‍රිත්වය ඔයා නරඹලා නැත්නම් අනිවාර්යයෙන්ම නරඹන්න ආරාධනා කරනවා …

 

“Broken Nest” කියන්නේ රබින්ද්‍රනාත් තාගෝර් කියන විශිෂ්ට කතුවරයා රචනා කරපු නවකතාවක්. කලින් අපි කතාකරපු සත්‍යජිත් රායි තමයි මේ කතාවත් සිනමා තිරයකට ගේන්නේ. පොතේ රසය නොමැකෙන විදියට හරිම අපූරුවට මේ සිනමාපටයත් නිර්මාණය කරලා තියනවා. චාරුලතා කියන විවාහක කාන්තාවකගේ ජීවිතය හරහා මුළු මහත් ආසියාතික ගැහැනියව තාගෝර් වගේම සත්‍යජිත් රායි කියවා තිබුණා. ඒ නිසාම චිත්‍රපටය අති සාර්ථකව තිරගත වුණා වගේම ඇගයීම් රැසක්ද ලැබුණා… 

 

අපර්ණා සෙන් කියන්නේ බෙංගාලි සිනමාවේ එක්තරා අමතක නොවෙන සලකුණක් කිව්වොත් නිවැරදියි. ඇයගේ මේ සිනමාපටයට පාදක වෙන්නේ කවමදාවත් ස්පර්ශයෙන් ආදරය නොවිඳි, ලියුම් කඩදහි වලින් ආදරය බෙදා ගත්ත විවාහක යුවළක් ගැන. ජපානයේ සහ බෙංගාලයේ ජීවත්වන මේ දෙන්නගේ හමුවීම මොන වගේ එකද්ද කියලා නරඹපු අය නම් දන්නවා ඇති. ඉතින් නොබලපු අයටත් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා…

 

බෙංගාලි සිනමාවේ තියෙන සුපුරුදු දෙබස් අඩු, කාව්‍යාත්මක ගතිය තිබුණු මෑතකදී තිරගත වුණු සිනමාපටයක් විදියට Labour of Love හඳුන්වන්න පුළුවන්. මේ සිනමාපටය ප්‍රබලවම පාදක වෙන්නේ විවාහක යුවළක් වටායි. ගතින් එක්කෙනෙක් විදියට විවාහයෙන් බැඳුනත් ඔවුන් ජීවත් වෙන්නේ සමාන්තර ලෝක දෙකක බව පෙන්වන එක තමයි අධ්‍යක්ෂවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් නොබලපු හැමෝටම මේකත් නරඹන්න ආරාධනා කරනවා.

 


Saru Fm Media