ඕනම තරුණයෙක් කැමති විදිහේ සුපිරි පෙම්වතියක් වෙන්නෙ කොහොමද? – Saru News Media

0
24

යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ වෙනකොටම දැන් කාලෙ තරුණ තරුණියෝ ඉතින් කොහොමින් හරි පෙම් පලහිලව්වක පැටලෙනවම තමයි. ඒකෙ වැරද්දක් කියනවනම් නෙමෙයි මේ. ඕව ඉතින් තරුණ කාලෙට ඇතිවෙන සිතුවිලි එක්ක සාමාන්‍ය දේවල්නේ. තමන් මේ කරන්නේ මොකක්ද කියල හරි අවබෝධයකින් කරනවනම් කිසිම දේක ගැටළුවක් නැහැ. කොහොමින් හරි ඔය හිරිමල් වයසෙන් යමක් කමක් තේරෙන තරුණ වයසට ඇවිල්ල ස්ථිරවම ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කාලෙකට වැදගත්වෙන කාරණාවක් ගැන තමයි මේ කතා කරන්න යන්නෙ. මේ ඉතින් ගැහැණු දරුවන්ට වැදගත් වෙන කාරණාවක්. නිකන්ම නිකන් යාළුවෙලා ආදරේ කරනවට වඩා තමන් ජීවිතේ බෙදාගන්න හිතාගෙන ඉන්න ආදරවන්තයට හිතට සුපිරියටම ෆිට් වෙන විදිහේ පෙම්වතියක් වෙන්න මෙන්න මේ දේවල් අත්හදා බලන්නකෝ.

 

 

 

මිනිස්සු විදිහට අපි කවුරුත් කැමතියිනෙ තමන් ගැන ටිකක් ලොකුවට හිතන්න. ඉතින් තරුණ කොල්ලෝ කොහොමත් කැමතියි ටිකක් පොරක් වගේ හිතට ගන්න. විශේෂයෙන්ම තමන්ගේ පෙම්වතිය තමන් විශේෂ කෙනෙක් බව නිතර නිතර කියනකොට කව්ද ඉතින් අකැමැති. මේ කියන්නෙ හිත හොඳ කරන්න නිකන් බොරුවට අගය කරන්න කියල නෙමෙයි. කාගෙ උනත් මොකක්ම හරි විශේෂත්වයක් තියෙනවනේ. ඒකනෙ ඒ කෙනත් එක්ක ආදරයෙන් බැඳෙන්නේ. ඉතින් ඔයාගේ පෙම්වතා විශේෂ බව ඔහුට දැනෙන්න හරින්න. අනිත් හැමෝගෙම මට්ටමට එයාවත් දාල පහත් කරලා කතා කරන්න එපා කිසිම වෙලාවක. පිරිසක් ඉස්සරහ එයාගෙ හොඳ අගය කරන්න පසුබට වෙන්න එපා.

 

 

 

ලස්සනට ඇඳලා ඇහැ පිනවනවට කොල්ලෝ කොහොමත් ආසයි. අනිත් එක මොන කොල්ලද අකමැති ලස්සනට, පිළිවෙලට ඇඳපු කෙල්ලෙකුගේ අතින් අල්ලගෙන ආඩම්බරෙන් ගමනක් යන්න. යාලුවන්ට ඒ ලස්සන පෙන්නන්න. ඒ නිසා හැම වෙලාවෙම ලස්සනට, පිළිවෙලට ඇඳුම් අඳින්න. සරලයි කියලා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ගහගෙන බාටා දෙකක් දාගෙන යන එක හැම ගමනටම හැම වෙලාවකම සුදුසු නැහැ.

හැබැයි මේ කියන්නෙ සරුංගලයක් වගේ සුකුරුත්තන් පුරෝගෙන යන්න කියලත් නෙමෙයි. තැනට ගැලපෙන්න පිළිවෙලට අඳින්න කියලයි. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here