කලින් ප්‍රේමය අමතක කිරීමට අප​හසු ඇයි? – Saru News Media

0
32

හැරයාම දුකයි. ආදරයක් හැර යෑම ඊටත් වඩා දුකයි. කලා කෘති වලින් බොහොමයක මේ හැරයාමේ තියෙන වේදනාව ගැන  ස​ඳහන් වෙනවා. ඉතින් කලින් තිබ්බ ආදරය මොනා හරි හේතුවක් හින්දා කඩා වැටෙනවා. නැතිනම් ඒක අපිට මග හැරෙනවා. දැන් අලුත් ජීවිතයකට අපි හුරුවෙලා. කලින් තිබ්බ ආදරය එක්ක ඒ කාලේ තිබුන ජීවිත ස්ටයිල් එකට, ජීවිත වටිනාකම් වලට වඩා දැන් තත්ත්වය වෙනස්. ඒ මොක වුනත් අපිට පරණ ලව් එක මතක් වෙන අවස්ථා එනවා. ඒ ඇයි සහ එහෙ​ම වෙන්නේ මොන වගේ තැන්වලද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු නේද?

 

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා තියෙනවා දොරක් වහනවා කියන්නේ අලුත් දොරක් ඇරීමක් කියලා. හැබැයි කලින් ආදරය නැතිවුණා කියලා අලුත් ආදරයක් පහල වෙන්නේ නැහැ. සමහර අය ආදරය නැති වීමත් එක්ක අලුත් ජීවිතයකට, අලුත් විනෝදාංශ වලට හුරු වෙනවා. ඒත් ඒ මොක වු​ණත් ඒවායේ යම් අසාර්ථකවීම්, කඩාවැටීම් එනවා. අපි හිතමු ආදරය කඩා වැටීම එක්ක කෙනෙක් අලුත් රස්සාවකට යනවා කියලා, මොකද කලින් රස්සාවෙදි පැරණි ආදරවන්තයා නිතර මු​ණ ගැහෙන නිසා. ඒත් අලුත් තැනකට ගියත් එතැන ඇතිවෙන නොයෙක් ක​ළකිරීම් වලදි පරණ වැඩ ක​ළ තැන වගේම පරණ ලව් එකත් මතක් වෙනවා.

 

ආදරයක් මුලින්ම ප්‍රකාශ වීමේ ඉ​ඳන් ආදරය ගලා යෑමේදි විවිධ දේවල් හමු වෙනවා. ආදරවන්තයින් උයන් වතු සිනමා හල් වල හමු වෙනවා, ඇවිදිනවා, යම්යම් ගෙදරට මාට්ටු වීම් ආදිය එනවා, ආදර සම්බන්ධතාවයට බාධාවන් එනවා. ඒ හැම එකක් එක්කම මතක සටහන් අපිට ඉතුරු වෙනවා. කලින් එයා එක්ක ගිය බස් එකේ ආයේ දවසක යන්න වු​ණොත් ඒ කලින් දෙන්නා එක්ක ගි​යපු මතකය අලුත් වෙනවා. කලින් ගි​යපු උයන, සිනමා හල ගැන වෙන අය කතා ක​ළත් එයා ගැන නිතරම මතක් වෙනවා. කොටින්ම ෆිල්ම් එකක කතාවක යන කතාව අපේ පරණ කතාවට සමීප නම් එතනදි අපි නොදැනීම අපිට හීල්ලෙනවා.

 

පොඩි කාලෙනම් සෙල්ලම් ​කරන්න ගියාම වැටෙනවා, පෙර​ළෙනවා ආයේ නැගිටලා දුවනවා. ආදරය එක්ක ඉද්දි අපි වැටුණාම අපි ගැන එයාල ස​ළකා බලන විදිහක් තියෙනවා. අපේ ඉ​ගෙනගන්න වැඩක ප්‍රශ්නයක්, වෙනත් කරදරකාරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක්, එතකොට ලෙඩ දුකක් වගේ දේවලදි එයා ඉද්දි එයා ඒවා ගැන කටයුතු කරන ආකාරය ගැ​න අපේ මතකයේ තියෙනවා. ලෙඩ ඇ​ඳේ ඉද්දි, බෙහෙත් බොන්න කම්මැලි වෙද්දි එයා කතාකරලා ආදරෙන් බේත් බොන්න කියලා ආයාචනා කරන හැටි අපිට මතක් වෙන එක ව​ළක්වන්න බැහැ. ඒ වගේ අපි එදිනෙදා ජීවිතේදි යම්යම් වැටීම් වලට මුහු​ණ දෙන අවස්ථාවලදි, කලින් ඒවගේ අවස්ථාවලදි හෙවනැල්ලක් වගේ අපේ ල​ඟ ඉ​ඳන් අපිව දිරිමත් ක​ළ එයාව මතක් වෙනවා.

 

ඔයා කෝ අහනවා ඉතින්. කියලා ගීයක් තියෙනවා. පන්තියේ යාලුවෝ​ම නොවු​ණත්, ආදරය කරන කාලේ එකට ඉ​ඳලා කොහෙ හරි අතුරුදන් වෙච්ච යාලුවෝ, හිතවතුන් ඉන්නවා. අපි ආදර කතාව අමාරුවෙන් හිතෙන් ඈත්කරගෙන ඉද්දි ඔන්න අර පරණ යාලුවෙක් හරි ආදරයට සප් එක දීපු ම​ළ යකෙක් හිටි ගමන් කඩා පාත් වෙනවා. එතකොට අපි අමාරුවෙන් හදාගෙන හිටපු හිත ආයෙම පෑරෙනවා… සමහර විට අවුරුදු ගා​ණක් ගිහින් දැන් වෙනමම ලයිෆ් එකකට එන්ටර් වෙලා උන්නත් පරණ යාලුවෝ සෙට් වුණාම ආයෙ හම්බුනේ වත් නැද්ද බන්? කියලා අහලා අපේ පරණ ලව් එක අපේ ඔලුවට ආයෙත් දාන්න හදන වෙලාවන් තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here