කසාද බැන්දට පස්සේ දෙන්නට දෙන්නගේ පුද්ගලික අවකාශයන් පවත්වා ගන්නේ මෙහෙමයි! – Saru News Media

0
22

දැන් සාමාන්‍යයෙන් ඔය සාහිත්‍ය පොත් වල එහෙම තියෙන්නේ දෙන්නෙක් කසාද බඳිනවා කියන්නේ දෙන්නා එක්කෙනෙක් වෙනවා වගේ කතන්දරනේ. ඇත්තටම එහෙම වෙනවද? ඒ කියන්නේ දෙන්නගේ පුද්ගලික ජීවිත නැති වෙලා, ඒක එකක් වෙනවද? ඇත්තම කතාව තමයි එහෙම වෙන්නෙ නැහැයි කියන එක. ඇත්තටම ඔය විවාහ ජීවිත වල ප්‍රශ්න ඇති වෙන්න, විවාහ ජීවිතේ ආතල් එක නැතිවෙලා යන්න එහෙමත් එක හේතුවක් තමයි ඒ විදියට හිතන එක. ආන්න ඒ නිසා තමයි විවාහ වුණු යුවළක් වුණත්, තාමත් ලව් කරන ගමන් ඉන්න යුවළක් වුණත් එකිනෙකාගේ පුද්ගලික අවකාශයන් වලට ඇඟිලි නොගහා ඉන්න එක අවශ්‍ය වෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියන එක තමයි අපි කියලා දෙන්න යන්නේ!

 

මේක ඉතින් අතිශයින්ම සුලභව සිද්ධ වෙන වැඩක්. මොකද්ද? අනික් කෙනාගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක ඉල්ලන එක. එක්කෝ හොරෙන් හොයාගෙන අනික් කෙනාගේ ෆේස්බුක් එකට රිංගලා, කවුද මෙසේජ් කරලා තියෙන්නේ කියලා බලන එක. මේක ඉතාම වැරදි වැඩක්. අනික් එක්කෙනා ෆේස්බුක් එකේ මොනව කරනවා ඇතිද, එයාට මොක්කු මෙසේජ් එවනවා ඇතිද කියලා ෂුවර් නැති නම්, ඒක හොයාගන්න කල් නින්ද යන්නෙත් නෑ වගේ නම් කරන්න තියෙන්නේ දෙන්නත් එක්කම එක ෆේස්බුක් එකක් හදාගන්න එක. පුන්සිරි සහ කමලා ඒන්ජල් කියලා නම දාගන්න තියෙන්නේ. දැන් කාටවත් කරදරයක් නෑනේ. එහෙම නැතුව අනික් කෙනා පුද්ගලික ෆේස්බුක් එකවුන්ට් එකක් මැනේජ් කරනවා නං, ඒකට හොරාට එබෙන්න, ඒකේ පාස්වර්ඩ් ඉල්ලලා ගේම කෝල් කරන්න යන්න එපා.

 

දැන් කාලේ අපි හැමෝම ගාව ස්මාට්ෆෝන් තියෙනවනේ. හැබැයි ඉස්සර තිබුණු මොබයිල් ෆෝන් එක වගේ නෙවෙයි. ස්මාට්ෆෝන් එක කියන්නේ පර්සනල් දෙයක් විදියට තමයි සැළකෙන්නේ. හරියට ඩයරියක් වගේ. අපි වෙන කෙනෙක්ගේ ඩයරියක් අවසරයක් නැතුව කියවන එක සදාචාර සම්පන්න නැහැ. ආන්න ඒ වගේ තමයි දැන් කාලේ ස්මාට්ෆෝන් එකකුත්. අන්න එතකොට, වයිෆ් හරි හස්බන්ඩ් හරි එහා මෙහා වෙනකල් ඉඳලා ස්මාට්ෆෝන් එක හොරෙන් අරන් චෙක් කරන එක, එහෙම නැතිනම් ඒක චෙක් කරන්න ඉල්ලලා ඩිමාන්ඩ් කරන එක ඒ තරම් සුදුසු දේවල් නෙවෙයි.

 

එතකොට ස්මාට්ෆෝන් එකේ හස්බන්ඩ් හරි වයිෆ් හරි මොනවත් රහස් තියාගෙන ඉන්නවද? දන්නෙ නෑ. තමන්ට පවුල් ජීවිතේට බලපෑමක් වෙන විදියේ දෙයක් හස්බන්ඩ් හරි වයිෆ් හරි හංගනවා කියල හිතෙනවා නම් කෙලින්ම ඒ ගැන කතා කරන්න. අහලා බලන්න. නොකිව්වත් ගැටළුවක් නෑ, තමන් අහලා තියෙන්නේ කෙලින්ම. එහෙම නැතුව ෆෝන් ඉන්වෙස්ටිගේෂන් කරන එක අප්සට් වැඩක්!

 

 

 

අපිට කසාද බැන්දා කියලා ෆෝන් එකට එන කෝල්ස් අඩුවක් වෙන්නෙ නෑනේ. අපිට ඕන නම් තෝරාගැනීමක් කරන්න පුලුවන්, වැඩ ඉවර කරලා නිදහසේ වයිෆ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි ඉන්න වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න. හැබැයි ඒ කොහොම වුණත්, තමන්ගේ ෆෝන් එකට එන කෝල්ස් පර්සනල් දේවල් විදියට තමයි සැලකෙන්නේ. ආන්න එහෙම තත්ත්වයක් උඩ, හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි කෝල් එකක් ආවහම, “කවුද ඒ කතා කළේ?” කියලා සැක මූඩ් එකෙන් අහන එක හරිම අප්සට් වැඩක්. ඒක දෙන්නටම අදාළ කෝල් එකක් නම් ඒක එයා කියයි. එහෙම නැතුව හාරාඅවුස්සන්න යන්න එපා. ඒක කැතයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here