කළු ඌරු මස් කරිය හදමු (Black Pork Curry ) අවශ්‍ය ද්‍රව්‍ය…

0
417


කළු ඌරු මස් කරිය හදමු (Black Pork Curry )

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපා ගත් සුදුලූනු තේ හැදි 1/2
ඉගුරු තේ හැදි 1/2
කුඩු කර ගත් කරාබුනැටි (cloves) 5 ක්
කුඩු කර ගත් කුරුදු කෑල්ලක්
රම්පේ කෑල්ලක්
ලොකු ළුණු ගෙඩි 1
ගොරකා කෑලි 2
සේර කෑල්ලක්
තෙල් ස්වල්පයක්
අවශ්‍ය ප්‍රමාණයට ලුණු

▪️ඌරු මස් මෙරිනේට් කරමු

ඌරු මස් මෙරිනේට් කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-

ඌරු මස් ග්‍රෑම් 300
ගම්මිරිස් මේස හැදි 1
මිරිස් කුඩු තේ හැදි 3
කහ කුඩු තේ හැදි 1 /4
අමුතුනපහ කුඩු මේස හැදි 1
බැදපු තුනපහ ( කලු කුඩු )මේස හැදි 1 1/2
විනාකිරි තේ හැදි 1
ලුණු කුඩු තේ හැදි 2

සාදන ක්‍රමය :-

ඌරු මස් මෙරිනේට් කිරීම සදහා ඉහත දක්වා ඇති අමුද්‍රව්‍ය එකතු කර ඌරු මස් ටික හොදින් අනා පැයක් පමණ තබන්න.

භාජනයකට තෙල් ටිකක් දමා ඉගුරු හා සුදුලූනු එකතු කරන්න.

මේ මිශ්‍රණයට සේර, රම්පේ කෑල්ලක්,
ගොරකා, කරාබු නැටි කුඩු (crushed cloves ) හා කුරුදු කුඩු සියල්ල දමා බැද ගන්න.

කපා ගත් ලොකු ළුණු ගෙඩිය බැදී ගෙන එනවිට ඌරු මස් ටික එකතු කරන්න. හොදින් කලවම් කරන්න.

මෙසේ විනාඩි 10 ක් තබා වතුර කෝප්ප 1 1/2 එකතු කර වසා තියන්න. අඩු ගින්දරේ විනාඩි 40 ක් පමණ තියන්න.

කෑලි තැම්බෙන්න වතුර මදි නම් තව වතුර එකතු කරන්න. කෑලි තැම්බුන පසු බොර වෙන්න හින්දන්න. ලුණු බලන්න. රස අනුව ලුණු එකතු කරන්න.

Garlic and Ginger







Saru FM Media