COLOMBO ( News 1st ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා ඇතුළු සිසුන් කිහිප දෙනෙකු අද (22) සාකච්ඡාවක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණියහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි අවස්ථාවේ ඒ අවට ජල ප්‍රහාරක රථයක් හා කැරළි මර්දන පොලිස් කණ්ඩායම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට කැඳවා තිබෙනු දැකිය හැකි විය.
කොමිසමේ උප සභාපතිවරයා සමග පැවති සාකච්ඡාව අවසන් වූයේ විසදුමකින් තොරවයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ, කැඳවුම්කරු,වසන්ත මුදලිගේ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,තමන් ඇතුළු පිරිස පැමිණියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට වූවත්,එම පරිශ්‍රය වටා වැඩි වශයෙන් රැඳී සිටින්නේ කැරලි මර්දන ඒකකය, පොලීසිය බවයි.
වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු ප්‍රශ්න කළේ, තමන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් සතුව තිබෙනවා නම්, භාෂණයේ අයිතිය තිබේ නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙසේ වට කරගෙන සිටින්නේ ඇයිි ද? යනුවෙනි.
උණුසුම් පුවත්
Saru Fm Media