Google search engine
Home ගොසිප් පුවත් කුඩා දරු­වකු රතිඤ්ඤා කර­ලක් පත්තු කර මිදු­ලට දැමී­යැයි කඩු පොලු අරන් ගැටුමක්

කුඩා දරු­වකු රතිඤ්ඤා කර­ලක් පත්තු කර මිදු­ලට දැමී­යැයි කඩු පොලු අරන් ගැටුමක්

0
25

rambukkana-incident

කුඩා දරු­වකු රතිඤ්ඤා කර­ලක් පත්තු කර අස­ල්වැසි නිවෙ­සක මිදු­ල­කට විසි කිරී­මෙන් දෙපා­ර්ශ්ව­යක් අතර ඇතිවූ ගැටු­ම­කින් පසුව, කඩු­ව­කින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තා­වක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි රඹු­ක්කන පොලි­සිය පැව­සීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටින්නේ රඹු­ක්කන ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 49 හැවි­රිදි කාන්තා­වකි.

කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන කාන්තා­වගේ මිදු­ලට පෙරේදා (14) පෙර­ව­රුවේ අස­ල්වැසි නිවෙ­සක පදිං­චිව සිටින පිරිමි දරු­වෙක් රතිඤ්ඤා කර­ලක් දල්වා විසි කර ඇති බව පොලි­සිය පැව­සීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කර­ලක් පත්තු කර මිදු­ලට දැමුවේ කවු­රුන් දැයි බැලී­මට නිවෙස ඇතු­ළත සිට මිදු­ලට පැමි­ණෙන අව­ස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලි­සිය පැව­සීය.

පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදු­ලට විසි කරන ලද පිරිමි දරු­වාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරු­වාගේ පියා ද පැමි­ණී­මෙන් පසුව දෙපා­ර්ශ්වය අතර බහි­න්බස් වී ගැටු­මක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය.

පසුව පිරිමි දරු­වාගේ පියා කඩු­වක් රැගෙන පැමිණ අස­ල්වැසි කාන්තා­වගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවා­ල­කා­රිය රඹු­ක්කන රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. රඹු­ක්කන රෝහ­ලෙන් වැඩි­දු­ර­ටත් ප්‍රති­කාර සඳහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර එවා ඇති අතර දැනට තුවා­ල­කා­රිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවා­සි­කව ප්‍රති­කාර ලබයි. තුවා­ල­කා­රි­යගේ බෙල්ලේ වම්පස කැපුම් තුවා­ල­ය­කට ප්‍රති­කාර කැර ඇති බව පොලි­සිය පැව­සීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් රඹු­ක්කන පොලි­සිය වැඩි­දු­ර­ටත් විම­ර්ශන කට­යුතු සිදු කරයි.

චමින්ද ජය­ලත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here