කෙල්ලෝ දැනගෙන හිටියා නම් කියලා කොල්ලෝ රහසින් හිතන දේවල් කීපයක්! – Saru News Media

0
10

අපි කලින් ආටිකල් එකක කථා කළා, කොල්ලෝ දැනගෙන ඉන්නවා නම් කියලා කෙල්ලෝ රහසින් හිතන පතන දේවල් ගැන. ඒ කියන්නේ මේ විදියේ ගොඩක් දේවල් කටින් කියන්නෙ නෑ. හැබැයි එහෙම එව්වා කොල්ලෝ දැනගෙන ඉන්නවා නම් කෙල්ලෙක්ට දැනෙන සන්තෝසෙත් කියලා නිම කරන්න බෑ.

හැබැයි ඒ වගේම තමයි අනික් පැත්තට තියෙන දේවලුත්. කොල්ලෝ වුනත් කටින් නොකියන, ඒත් කෙල්ලෝ දැනගෙන ඉන්නවා නම්, තේරුම් ගන්නවා නම්, කරනවා නම් කියලා හිතන පතන දේවල් තියෙනවා. ආන්න ඒ වගේ දේවල් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

ඇත්තටම මේ දේවල් තේරුම් අරගෙන, කරන්න පුළුවන් නම්, තමන් ආදරේ කරන කොල්ලව කොයි තරම් සතුටු කරන්න පුළුවන් වෙයිද කියලා කෙල්ලෙක්ට දැනගන්න පුළුවන් වෙයි.

 

සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ මේකප් එක වෙන්නේ ගෙදරින් එලියට බහින්න ලෑස්ති වෙනකොට දාගන්න පව්ඩර් ටිකක් හරි, උලාගන්න ක්‍රීම් ටිකක් හරි තමයි. හැබැයි ගෑණු ළමයින්ට එහෙම බෑ. එක එක විදියේ මේක් අප් ගෑණු ළමයින්ට තියෙනවා. ඒක ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි කොල්ලෙක් කැමතියි තමන්ගේ ගෑණු ළමයව මේක් අප් නැතුව දකින්නත්. එතකොට තමන් එක්ක කොහේ හරි සාමන්‍ය ගමනක් යනකොට වෙඩිමකට වගේ මේක් අප් දාගෙන යන්නෙ නැතුව, බොහොම ලයිට් මේක් අප් එකකින් එනවට. කොල්ලෙක් නොකිව්වට ඔය කාරණා හිතේ වැඩ කරනවා.

 

කොල්ලො කියන්නෙත් මනුස්සයොනේ. ඉතින් මනුස්සයන්ට අනිවා වරදින අවස්ථා තියෙනවා. ආන්න ඒ වගේ අවස්ථාවක කෙල්ලෝ ඇවිත් ඉතිහාසේ විජය වරද්ද ගත්තු තැන ඉඳලාම උදාහරණ අරගෙන ලෙක්චර්ස් දෙනවා නේද, ඒ වගේ කාලා ඉන්න බැරි දෙයක් කොල්ලොන්ට තවත් නෑ. අනිවාර්‍යයෙන්ම කොල්ලෙක් ගොන් වැඩක් කළාට පස්සේ ඒක ලේසියෙන් අත ඇරලා නොදැක්කා වගේ ඉන්න හොඳ නෑ. ඒත් ඒක කියන විදිය ලෙක්චර්ස් දෙන එක නෙවෙයි. ආදරෙන් කියන එක. මොකද කොල්ලෙක්ට ආදරෙන් සලකලා සාමාන්‍යයෙන් ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒ කියන දේ කොයි තරම් අමිහිරි වුනත් කොල්ලෙක් ආදරෙන් කියන වෙලාවක වචනයක්වත් කියන්න යන්නෙත් නෑ.

 

මෙන්න මේක ඇත්තටම දෙපැත්තටම වැදගත් කාරණාවක්. ආදර සම්බන්ධතාවයක හෝ විවාහයක හෝ වෙනත් ඒ වගේ සම්බන්ධතාවයක ඉන්න ඕනම දෙන්නෙක් අතරේ මූලිකවම තියෙන්න ඕන දෙයක් තමයි එකිනෙකාට තියෙන රෙස්පෙක්ට් එක. අන්න ඒ රෙස්පෙක්ට් එක නොදෙන තැන ප්‍රශ්න පටන් ගන්නවා. දැන් කොල්ලෝ සම්බන්ධයෙන් ගත්තත්, කොල්ලෙක්ට වැරදුණු තැනක් හරි කොල්ලෙක් දුර්වල වෙන තැනක් හරි  ගැන හිතමු. එහෙම තැනකදී කෙල්ලෝ හිනාවෙන්න හරි අපහාස කරන්න හරි උපහාසෙන් බලන්න හරි තියාගන්නවා කියන්නේ කොල්ලෙක්ට බොහොම රිදෙන තැනක්. ඒ නිසාම කොල්ලෙක්ගේ හිතේ කෙල්ල ගැන තියෙන ආදරේ නැතිවෙන්න තරම් ඒ රිදීම ප්‍රබල වෙන්නත් පුළුවන්.

 

මෙන්න මේකත් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම බොහොම රිදෙන තැනක්. මෙතන කථා කරන්නේ කොල්ලෝ ගැන නිසා අපි ඒ සම්බන්ධයෙන් ලියනවා.

සමහර වෙලාවට කෙල්ලෝ හිතනවා, තව වෙනත් කොල්ලෙක් එක්ක තමන්ගේ කොල්ලගේ මොකක් හරි අඩුපාඩුවක් සංසන්දනය කරලා කතා කළොත්, කොල්ලට ලැජ්ජ හිතිලා ඒ අඩුපාඩුව හදාගනී කියලා. ආන්න ඒක නම් වෙන්නේ නෑ. “බලන්නකෝ ඔයාගෙ බඩත් ඇවිත්, අර අජිත් ජිම් ගිහින් ඇඟ ලස්සනට තියාගෙන ඉන්න හැටි බලන්නකෝ” වගේ දෙයක් හරි, “ඔයාට තමයි ඉහළට යන්න කිසිම උනන්දුවක් නැත්තේ, අර සුමිත්ට ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් හම්බුවෙන හැටි බලන්නකෝ” වගේ කතන්දරයක් කිව්වා කියලා තමන්ගේ මිනිහට මෝටිවේෂන් එකක් ඇතිවෙන්නේ නම් නෑ කියන එක ගෑණු ළමයි දැනගන්න ඕන. සිද්ධ වෙන්නේ සරල දෙයක්. මනුස්සයාට දැඩි හීනමානයක් ඇති වෙනවා. ඒ එක්කම තමන් තුළ ඒ හීනමානය ඇතිකරපු කෙනා ගැනත් ද්වේෂයක් ඇති වෙනවා. එතනින් එහාට ඉතින් සැක කිරීම්, රිදවීම් ඇතුළු ප්‍රශ්න වැලක් පටන් ගනී. ආන්න ඒ නිසා, තමන්ගේ පිරිමියාගේ අඩුපාඩුවක් පෙන්නලා දෙන්න ඕන නම්, බොහෝම ආදරයෙන්, වෙන අයව උදාහරණෙට ගන්නෙ නැතුව, වෙන අයත් එක්ක සංසන්දනය කරලා පිරිමියාගේ අභිමානයට පහර ගහන්නේ නැතුව ඒ අඩුපාඩුව පෙන්නලා දෙන එක තමයි නුවණට හුරු!

 

කෙල්ලෙක් කොයි තරම් කැමතිද තමන්ගේ පිරිමියා නිතර දෙවේලේ තමන් ලස්සනයි කියලා වර්ණනා කරනවට? පිරිමියෙක් ඒ විදියට තමන්ගේ රූපේ අපූරුව වර්ණනා කිරීම බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි මතක තියාගන්න, පිරිමි පුදුමාකාර විදියට තමන්ට ප්‍රශංසා කරනවට, තමන්ව වර්ණනා කරනවට ආසයි. විශේෂයෙන්ම තමන්ට ආදරේ කරන කෙනා ඒ විදියට තමන් ගැන හිතනවා කියලා දැනගන්න පිරිමි බොහෝම මනාපයි. අන්න ඒ නිසා තමන්ගේ පිරිමියාගේ හොඳ ගතිගුණයක් දෙකක් ගැන, පිරිමීයාගේ ජීවිතේ සාර්ථකත්වයන් ගැන, පිරිමියාගේ තියෙන මොනවා හරි ලක්ෂණයක් දෙකක් ගැන, පිරිමියා තමන් වෙනුවෙන් කරන දෙයක් ගැන එහෙම පොඩ්ඩක් ප්‍රශංසා කළාට කමක් නෑ. චුට්ටක් වර්ණනා කළාට කමක් නෑ.

තව කාරණයක්. මේක ඇඳේදී පිරිමියාගේ හැකියාවන් සම්බන්ධයෙනුත් අදාළයි. පොඩ්ඩක් වර්ණනා කරන්න. අඩුපාඩු ෂේප් එකේ කථා කරලා හදාගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here