කෙල්ල තමන්ට වඩා උසින් වැඩියිද? ඒ නිසා කලකිරීමට පත් වෙලාද? එහෙමනම් දිගටම කියවන්න – Saru News Media

0
13

ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා කියනවනේ. ආදරේට මිල මුදල්, ධනය, බලය වුණත් ප්‍රශ්නයක් නෑ කියනවනේ. එතකොට දැන් කාලේ ආදරේට තමන්ගේ ලිංගික නැමියාව මොකද්ද කියන එක වුණත් ප්‍රශ්නයක් නෑ කියලා කියනවනේ. හැබැයි එහෙම කිවුවට, තාමත් ආදරේට උස නං ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඔව්, විශේෂයෙන්ම කෙල්ලෝ හොයන්නෙම තමන්ට වඩා උසින් වැඩි කොල්ලෝ. එතකොට කොල්ලෝ හොයන්නෙම තමන්ට වඩා උසින් අඩු කෙල්ලෝ. හැබැයි ඇත්තටම ආදරේට ඔව්වා ප්‍රශ්නද? ඒක වෙනම වාඩි වෙලා කතා කරන්න ඕන මාතෘකාවක්.

 

හැබැයි අපි කියමු ඔන්න කොල්ලෙක් ඉන්නවා ඇත්තටම කෙල්ලෙක්ට ආදරෙයි. හැබැයි පොඩි පරහකට තියෙන්නේ කෙල්ල කොල්ලට වඩා උසයි. දැන් ඕක ප්‍රශ්නයක්ද? අපෙන් ඇහුවොත් නං අපි කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් අපි කිවුවට මදිනේ. ඕක තමන්ටත් ප්‍රශ්නයක් නොවෙන තැනට එන්න ඕනනේ. ආන්න ඒකට උපදෙස් කීපයක් තමයි මේ.

 

 

 

දැන් කෙල්ල තමන්ට වඩා උසින් වැඩි වුණා කියලා ජීව විද්‍යාත්මක ප්‍රශ්න ඇතිවෙනවද? ඒ කියන්නේ ළමයි හදනකොට හරි වෙන මොකක් හරි එකකදී? කිසිසේත්ම නෑ. එතකොට කෙල්ල තමන්ට වඩා උසින් වැඩියි කියලා ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ කිස් එකක් දෙනකොට කෙල්ල නැවෙන්න ඕන වගේ එව්වා? ඕවා ප්‍රශ්න කියලා හිතනවා නං ඒක තමන්ගේ ජීවන දර්ශනයේ ප්‍රශ්නයක්. ජිවිතේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රායෝගික ප්‍රශ්න එක්ක බලනකොට ඕවා නිකං සූපින් කතන්දරනේ. ආන්න ඒ නිසා කරුණාකරලා මේවා ප්‍රැක්ටිකල් ප්‍රශ්න විදියට ගන්න එපා. කිස් කරනකොට වත්, සෙක්ස් කරනකොට වත් කෙල්ල උස වුණා කියලා ගැටළුවක් වෙන්නෙ නෑ. එච්චරයි!

 

 

 

සාමාන්‍යයෙන් කොල්ලෙක්ට තමන් ඩේට් කරන කෙල්ලගේ උස ප්‍රශ්නයක් වෙන්නේ තමන්ගේ ඊගෝ ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ කෙල්ල මට වඩා උසින් වැඩි නං, ඒක මගේ පෞරුෂත්වයට පහරක් කියලා හීනමානයක් ඇති වෙන නිසා. ඇත්තටම උස කියන්නේ පෞරුෂත්වය මනින සාධකයක්ද? නෑනේ. කෙල්ලට වඩා තමන් උසින් අඩු වුණත්, වැඩි වුණත්, කෙල්ල තමන්ට ලව් නං ආයෙ වෙන මොනවද? අන්න ඒ නිසා මුලින්ම මේ තමන්ගේ ඊගෝ ප්‍රශ්නය විසඳගන්න ඕන. ඕකට අපි අන්තිමට කියලා තියන කාරණා දෙකත් උදවු වෙයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here