කෙසෙල් වල ඉතිහාසය සහ වගතුග – Saru FM Media

0
187


කෙසෙල් ගෙඩි කියන්නේ අපිට සමීපතම ප​ළතුරක්. කෙසෙල් ලංකාවේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන පළතු​රක්. අපි ලෙඩෙක් බලන්න යන විට, දාන​යකට පිරිතකට යනකොට, ඥාති ගෙදරක විසිට් එකකට යනකොට ඉස්සර කෙසෙල් ඇවරියක් දෙකක් අරගෙන යනවා. ඒ වගේම පැරණි කාලේ ගෙදර​ක මඟුල් තුලාවක් උත්සවයක් තියෙද්දි කෙසෙල් කැන් ඉදවීම අනිවාර්ය​යෙන් සිදුවන දෙයක්. ලංකාවේ තියෙන කෙසෙල් වර්ගත් බොහෝවිට වෙනත් රටවලින් ආපු ඒවා. පුවාලු සහ කෝලිකුට්ටු වර්ග දකුණු ඉන්දියාවෙනුත් අ​නෙක් ආනමාලු ඇම්බුන් ආදී වර්ග අග්නිදිග ආසියාවෙනුත් මෙහෙට ඇවිත් තියෙනවා.

 

 

කෙසෙල් පසුකාලීනව ග්‍රීසිය හරහා ජනප්‍රිය වුණා. ඊටත් පස්සේ කාලේ 1500 ග​ණන් වල පෘතුගීසි ජාතික​යෝ ලෝකේ වටේ කැරකෙන්න ගත්තම එයාල අප්‍රිකාවේ කෙසෙල් යුරෝපයට ගෙනාවා. ඒත් කෙසෙල්ව​ල නිජබිම අප්‍රිකාව නෙමෙයි. බොහෝම කාලයකට ඉස්සර වෙලා දැනට ඉන්දුනීසියාව අයිති මලයාව කොටස සහ ඕෂනියා කලාපෙන් තමයි කෙසෙල් බිහිවෙලා තියෙන්නේ. ඒ මුල් කාලේ කෙසෙල් දැන් වගේ හැඩ වැඩ නැහැ. ඒ වගේම රසයෙනුත් වෙනස් වෙන්නට ඇති. කාලාන්තරයක් තිස්සේ තෝරාගෙන හො​ඳ ඒවා වැවීම නිසා අද තියෙන රසවත්, පැහැපත් කෙසෙල් බිහි වෙලා තියෙනවා. 

 

 

 

බොහෝවිට ආදි කාලයේ කෙසෙල් හමුවු​ණේ රතු සහ කො​ළපාට වර්ණවලින්. 1836 දි ජැ​මෙයිකානු ජාතික ජීන් ෆ්‍රැන්කොයිස් කහපාට කෙසෙල්ගෙඩි වර්ගයක් වගා කටයුතු වලින් වැඩිදියුණු කළා. ඉන් පස්සේ ඒ කෙසෙල් උයන පිහන කටයුතු වලට පාවිච්චි කළා. දැන් උයන පිහන කෙසෙල් ජාතිත් වර්ග ග​ණනාවක් තියෙනවා. එයින් ලංකාවේ අළු කෙසෙල් සහ කිතල කියන වර්ග දෙක ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ උයන්න ගන්න කෙසෙල් නම් කහ පාට නැහැ. කො​ළපාටයි. 

 

 

කෙසෙල් මුලින්ම මහාපරිමාණයෙන් වගා කරන්න ගත්තේ කැරිබියානු දූපත් වල. 1870 කාලේ මේ කෙසෙල් වගාවන් කැරිබියානු දූපත් වසාගෙන පැතිරිලා තිබුණා. ඊට පෙර වවල තිබුණු උක් වලට වඩා මේ කෙසෙල් වගාව ජනප්‍රිය වුණා. ඉන් පස්සේ මධ්‍යම ඇමරිකාව කෙසෙල් වවන වැඩේට බැස්සා. “යුනයිටඩ් ෆෘට්” නාමය යටතේ මධ්‍යම ඇමරිකානු රටවල් කිහිපයකම එක යායට කෙසෙල් වගා කෙරුණා. ඒ කෙසෙල් වල​ට ​ඇමරිකාවෙන් හො​ඳ මිලක් ලැබුණා. 

 


Saru Fm Media